political

“ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවල ඉන්ටර් නැෂනල් වැඩ ගැන කතාකළත් මේ රටේ දරුවන් ගැන කතා වෙන්නෙ නැහැ. සම්බන්ධිකරණ කමිටුවල දරුවන්ට, කාන්තාවන්ට ඉඩක් තිබුණානම් මෙවැනි සෝචනිය සිදුවිම් අවම කරගන්නට තිබුණා.” යැයි  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කිවෙිය.

හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාරකමට යොදාගත් දරුවන්  රැසක්  දුෂණයට හා අපයෝජනයට ලක්විම පිළිබද අදහස් දක්වමින්   බේරුවලදි  කාන්තා හා ළමා සංවර්ධන  පෙර පාසල්,ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ අදහස්  පළකළේය.

කාන්තාවන්, දරුවන්, හා ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන  බලධාරින් , නිළධාරීන් අපි  සියළුදෙනා  සදළුතලවලින් , සීතල කාමරවලින් එළියට බැහැල ගම් මට්ටමට, බිම් මට්ටමට බැහැල , අපි සියළුදෙනා  එකට එකතුව ඉලක්කගත වැඩපිළිපලක් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ තියෙනවා.

රටේම තියෙන සම්බන්ධිකරණ කමිටු මාසයක් ගානෙ රැස්වෙලා අපි හැමදාමත් කතා කළේ පාර, බෝක්කුව, පාලම,අධිවෙිගි මාර්ග, ජාත්‍යන්තර ගුවන්තොටුපළවල්, ජාත්‍යන්තර ක්‍රිඩා ගැනයි. නමුත් අපේ දරුවො පිළිබද  කතා කළේ නැහැ. එම නිසා  සෑම සම්බන්ධිකරණ කමිටුවකම දරුවන් පිළිබදව, කාන්තාවන් පිළිබදව දරුවන්ට සිදුවන හිංසන, අපයෝජන පිළිබදව, ළමා ගැබ් ගැනිම්  පිළිබදව, විදි දරුවන් පිළිබදව, අධ්‍යාපනය කඩාකප්පල් වන දරුවන් පිළිබදව සහ දරුවන්ගේ පෝෂණය පිළිබදව කතා කරන්නට, ඒවාට පිළියම් යොදන්නට අවස්ථාවක් ඇතිකරනවා. ඉදිරියේදි රටේ සෑම සම්බන්ධිකරණ කමිටුවකම, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවකම අදාල නිළධාරින්  මෙි පිළිබද අදාල වාර්තා, තොරතුරු ඉදිරිපත් කර වැඩසටහන් හා ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි.ඒ අනුව ඉලක්කගත වැඩපිළිවලකට යායුතුයි.

දේශිය වශයෙන් හෝ ගෘහ සේවයට බදවාගන්නවා නම් ඒ අය පිළිබද යම් නිසි ක්‍රමවෙිදයක්  ඇති කරනවා. ග්‍රාමසේවා නිළධාරිවරයාට, ළමා හිමකම් ප්‍රවර්ධන නිළධාරිතුමාට, හා වනිතා සංවර්ධන නිළධාරි තුමියට මෙහිදි විශාල වගකිමක් තියෙනවා. මෙසේ ගෘහ සේවයේ යෙදෙන අය අධික්ෂණය කර ඔවුන් පිළිබද වාර්තා ඇතිව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  ලියාපදිංචි කිරිමට ක්‍රමයක් සකසනවා.ඒ අනුව බාල වයස්කාර දරුවන්ද..?, අපයෝජනයට, කෲරත්වයට, හිංසනයට  එසේත් නැතිනම් ශ්‍රම සුරාකෑමට ලක්වනවාද යන්න  පිළිබද නිසි සොයා බැලිමකට හැකි වෙනවා.

ළමයින්ගේ තොරතුරු ඇතුලත් කිරිමට  මේ වනවිට මුළු ලංකාවටම තියෙන්නෙ එක රෙකොඩ් රූම් එකක් පමණයි. වහාම පළාත් නමය තුළම ඒ සදහා ආයතන නමයක් පිහිටුවිමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මා වෙන් කළා. මාසයක් ඇතුලත  එම ආයතන  ලංකාවෙ පළාත් නමය සදහාම ඇති කිරිමට ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිතුමාට   උපදෙස් ලබාදුන්නා.

ඒ මගින්ළමයින් සම්බන්ධ අධිකරණ කටයුතු වලට සහා දිය හැකි වෙනවා.  මේවන විට ළමයින් සම්බන්ධව වෙන්වු අධිකරණ  ලංකාවටම තියෙන්නෙ දෙකයි.එම නිසා සෑම පළාතකටම  ළමයින් සම්බන්ධ අධිකරණ කටයුතු කිරිමට සෑම පළාතකම ආයතන ස්ථාපිත කිරිමට අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡාකර අනුමැතිය ලබාගත්තා.මේ සම්බන්ධ සෑම නිළධාරියෙකුම කොවිඩ් වසංගතය  බාධාවක් කර නොගෙන කොවිඩ් හමුවේ මේ කටයුතු ඉතා කඩිනමින් කළයුතුයි.

අපේ රටේ කාන්තා කාර්යංශයක් මේතාක්  විශාල කාලයක් කටයුතු කර තිබෙනවා. මිටපෙර මොන ආකාරයට කටයුතු කළාද කියල මම දන්නෙ නෑ. හැමදාම ණය ලබා දෙනවා.හැමදාම ආධාර ලබාදෙනවා. නමුත් දියුණුවු කෙනෙක්, නැගිට්ට කෙනෙක් නෑ. මේ රටේ දීර්ග කාලයක් තිස්සේ සමෘද්ධිය දෙනවා.  නමුත් සමෘද්ධිමත් වෙච්ච කෙනෙකුත් හොයා ගන්න නැහැ.මේ වගේ  තව බොහෝ දේවල් කියන්න පුළුවණි. මේක ඉතාමත්ම කණගාටු දායක තත්වයක් වෙලා තියෙනවා.

රටේ අනාගතය දරුවන් යැයි පිළිගන්නවානම්, දරුවන් මල් වගේ යැයි පිළි ගන්නවා නම්  ඔවුන් සුරක්ෂ‍ා කර ගැනිමට වැඩ පිළිවලක් තිබිය යුතුයි.මේ වැඩ පිළිවල  ජුලි 24 වෙනිදා නුවරඑළියෙන් ආරම්භකරනවා.මව්පියන් අහිම් දරුවන්, පාසල් නොයන දරුවන්, දරුවන් හිංසනයට, අපයෝජනයට සහ බාල වයස් ගැබ් ගැනිම්  සම්බන්ධ සිද්ධි  මෙන්ම විදි දරුවන් පිළිබද සොයා බලා අවශ්‍ය විසදුම් ලබාදිමට  නියමු ව්‍යාපෘතිය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා.

මේ සියළු කාරණා මෙන්ම දරුවන් , කාන්තාවන් පිළිබද රටේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි. දරුවන්ට, කාන්තාවන්ට සිදුවන හිංසනයන් , පිඩනයන් , අපයෝජනයන් අඩුකරගත හැකිවන්නේ මෙවැනි ආකල්පමය වෙනසක් ඇතිකරගැනිම  තුළින් පමණයි.මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රිෂාඩ් බදුර්දින්  හිටපු අමාත්‍ය හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ නිවසේ මෙහෙකාර සේවය කළ දැරියන් කිප දෙනෙකු අපයෝජනයට, හිංසනයට ලක්ව ඇතිබව තහවුරුවෙමින් තියෙනවා. මෙතුමාගේ නිවසේ මෙහෙකාර සේවය කළ දැරියක් දුෂණයට ලක්ව මියයාම  සම්බන්ඩයෙන් ශ්‍රිලංකා පොලිසියත් , ළමාආරක්ෂක අධිකාරිය, ළමා හා කාන්තා කාර්යංශය කල හැකි උපරිමයෙන් නීතිමය කටයුතු සිදුකරනවා.

මේ සිද්ධියට සම්බන්ධ ඉතාමත් පැහැදිළිව විමර්ශන  සිදුකර හිටපු ඇමතිවරයාගේ පවුලේ  අයව මේ වන විට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මේ සිද්ධියේ පුද්ගලයන් මොන තරා තිරමේ වුවත් ඒ කිසිවක්  නිතියට අදා නැහැ.හිටපු ඇමතිද ?,මන්ත්‍රිද ? බලවතෙක්ද කියල මෙහිදි කිසිම ආකාරයක හෝ බලපෑමකින් තොරව වරදකරුවන්ට නීතියේ උපරිමයෙන් දඩුවම් දෙන බව දරුවන් සම්බන්ධ විෂයපථයක කටයුතු කරන රාජ්‍ය ඇමතිවරයා ලෙස ඉතාම වගකීමෙන් කියනවා.

එස්. පොද්දෙණිය  – මීගහතැන්න

Similar Posts