galkoriya

පුරාවිද්‍යා බිමක පිහිටි බව කියන මහ ගල්පර්වතයක් ඉවක් බවක් නොමැතිව වෙඩි දමමින් බිමට සමතලා කර එහි ගල් කුට්ටි ගල් මෝලේ කුඩා කැබලි වලට අඹරනා ආකාරයට මිනිස් ජීවිත රැසක් ගල් මෝලේ ඇඹරෙන්නට හැර දහසින් බැදි පියළි පොදි ගසනා ගල් ඇඹරුම් හලක් හේතුවෙන් නිදහසේ ජීවත්වන්නට ඇති මිනිස් අයිතිය අහිමිවි ඇති ගම්වැසියන් පිරිසක් පිළිබදව ලැබුනෝරුව පහළ අඹතලය ගම්මානයෙන් පසුගියදා වාර්ථා විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මරදන්කඩවල ලැබුනෝරුව පහළ අඹතලය ගම්මානයේ පදිංචිව සිටින පවුල් 25කට අධික පිරිසක් මෙම ව්‍යසනකාරි ගල් කොරිය හා ගල් මෝල හේතුවෙන් දැඩි පීඩාවට පත්වි සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රමණීය ගම්මානයක් හා විශාලතම ගම්මානය ලෙස හදුන්වන ලැබුනෝරූව ගම්මානයට මීට වසර හතකට පමණ ඉහතදි කණ කෝකා හඩා ඇත්තේ ජවාරම්කරුවන්ගේ මුදලට අල්ලසට ලොල්වූ රාජ්‍ය ආයතන රැසක නිලධාරින්ගේ වරදින් බව එහි ගිය මව්බිමට සියසින් දැකගත හැකි විය.

මරදන්කඩවල ලැබුනෝරුව 555 ග්‍රාමනිලධාරි කොට්ඨාශයේ පහළ අඹතලය ගම්මානයේ පදිංචි ජනතාව වසර ගණනාවක් තිස්සේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ ගල් කොරිය හේතුවෙන් පීඩාවට පත්වි සිටිනා අතර ගම්මානයේ දරුවන් රැසකට පාසල් අධ්‍යාපන කටයුතු රෝගියෙකුට නිදහසේ සිටිමට ගොවියෙකුට ගොවි තැනක් සිදුකර ගැනීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත්වි සිටිති.

වසර ගණනාවකට ඉහතදි ගම්මානයට සුන්දරත්වය ගෙනා පුරාවිද්‍යා බිමක් ලෙස සැලකෙන ස්ථානයක පිහිටි නයිඅයියන්ඩිකාරයා කන්ද මේ වන විට ගල්කොරිකරුගේ ඉවක් බවක් නොමැති වෙඩි පිපිරවිල්ල හමුවේ සුනුවිසුණු වන්නේ අහිංසක ගම්මුන්ගේ ජීවිතත් සුනුවිසුනු කරමින්ය.

අදාළ ස්ථානයේ පිහිටි ගල් කොරියෙන් තමන්ට දැඩි පීඩාවන් ඇතිවි තිබෙනා බව පවසමින් ගම්මානයේ ජනතාව අනුරාධපුර පිහිටි රාජ්‍ය ආයතන වලට දුක කියන්නට ගියත් රාජ්‍ය නිලධාරින් රැසක් ව්‍යාපාරිකයාගේ ග්‍රහණයේ සිටිම නිසා ඔවුන්ට කිසිදු සහනයක් අත්කර ගැනීමට නොහැකිව ඇති බව ගම්මුන් පවසති.

ගම මෙන්ම ජන ජීවිතය දිනෙන් දින ගල් මෝලේ අඹරමින් සුනු විසුනු කරනා බව පවසන ජනතාව ඔවුන්ට අත්ව ඇති ඉරණම පිළිබදව මෙසේ අනාවරණය කළහ.ගමේ දිගු ඉතිහාසය පිළිබදව හොදින් දන්නා පහළ අඹතලය ලැබුනෝරුව පදිංචි එස්.ජයවර්ධන මහතා ගම්මානයට අත්ව ඇති ඉරණම පිළිබදව මෙසේ පැවසුවේය.

මම ලැබුනෝරුව ගම්මානයේ අවුරුදු 67ක් ජීවත් වෙනවා.ථෛතිහාසික වටිනා කමක් තියන ගමක් ලැබුනෝරුව ගම්මානය.මේ කන්දට කියන්නේ නයිඅයියන්ඩිකාරයා කන්ද කියලා.මේ ස්ථානයේ ඉපැරණි චෛත්‍යක් ගල්කණු හා විශාල මල් ආසනයක් තිබ්බා.

චෛත්‍ය හා ගල්කණු ඩෝසර් කරලා කඩලා ගල් වලටම දාලා යට කරා කියලා අපි දන්නවා.අඩි පහක් විතර දිග ඉපැරණි මල් ආසනය කිසියම් පිරිසක් අරන් ගිහින් තියනවා.මුලින්ම පුරාවිද්‍යාව වනසලා තමයි ගල් කොරිය මහපරිමානයෙන් කඩන්න ගත්තේ.

මේ ස්ථානයේ නුග ගහක් තිබ්බා ඔය නුග ගහ ආසන්නයේ තමයි චෛත්‍ය ඇ.තුළු නටඹුන් තිබ්බේ.ඔය චෛත්‍ය ආසන්නයේ නිධානයක් තියනවා කියලා මගේ තාත්තා මට කියලා තියෙනවා.පුරාවිද්‍යාව වනසලා ඒවත් ගත්තා කියලා කියනවා.පුරාවිද්‍යාවේ ඇස් වහලා ඉඩම පුරාවිද්‍යා භූමියක් නෙමෙයි කියලා නිර්දේශ අරගෙන තියනවා.

මේ අවට වට පිටාව බැලුවම පෙනෙනවා විශාලා ලෙන්වගේ ගල් සහිත ස්ථාන රැසක් පිහිටලා තියනවා.පස් කපලා කපලා රක්ෂිතයේ වටිනා ස්ථාන වහලා දාලා තියනවා.නයිඅයියන්ඩිකාරයා කන්ද කඩන්න ගන්නවත් එක්කම මේ පළාතට තිබ්බ සියළුම දිය උල්පත් අද වෙනකොට හිදිලා ගිහිල්ලා.

අක්කර හය හතක කුඹුරු කරා උල්පත් දියෙන්.තවත් අක්කර ගණනාවක් අස්වද්දපු අමුණක් තිබ්බා ඒ අමුණත් සිදිලා ගිහිල්ලා.මේ සියල්ලම විනාශ වෙන්න හේතුව තමයි මේ ගල් පර්වතය ඉවක් බවක් නැතුව පුපුරවලා කඩා දැමීම.

අයිතිකාර මහත්තයා ඔහුට අයත් කියලා රජයේ ඉඩම් වලට පවා මායිම් දාගෙන රක්ෂිත කැලෑ පවා අත්පත් කරගෙන තියෙනවා.කෝ රාජ්‍ය ආයතන.අපි කියන ඒවට කවුද ඇහුම් කන්දෙන්නේ.මේ ගම ගමේ මිනිස්සු විනාශ වෙනකම් බලධාරින් මර නින්දේ.දැන්වත් මේ ගල් කොරියේ බලපත්‍ර අත්හිටුවලා ජනතාවට නිදසේ ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකසලා දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

වසර ගණනාවක් තිස්සේ ඉවක් බවක් නොමැතිව ගල් කැඩීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් අදහස් දැක්වූ නදීකා සදමාලී පෙරේරා මහත්මිය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම ගම්මානය වන ලැබුනෝරුව ගම්මානයේ පවුල් දහසක් පමණ ජිවත් වෙනවා.ඒ අතරන් පවුල් විශාල පිරිසක් මේ නයිඅයියන්ඩිකාරයා කන්දේ ගල් බෝර දැමිම නිසා පීඩාවට පත්වෙලා ඉන්නේ.

අති විශාල පරිසර හානියක් සිදුවුනත් රජයේ නිලධාරින් පරිසරය ගැන තුට්ටුවකට මායිම් නොකර මේ ස්ථානය පවත්වා ගෙන යාමට අවශ්‍ය බලපත්‍ර දෙනවා.ඉවක් බවක් නැතුව වෙඩි පුපුරවමින් ගල්කඩනවා.අපිට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව දෙන්න කියලා මෙහි පාලනාධිකාරියට දැන්වුවට ඔහු ගම්මානයේ ඉන්න පීඩිත පවුල් වල ඉල්ලීම් වලට ඇහුම් කන් දෙන්නේ නෑ.ඒ සියල්ල මුදල් වලට යට කරන්න කටයුතු කරනවා.

දරුවෙකුට පාසල් වැඩක් කරන්න බෑ.දරුවෙකුට සෙල්ලම් කරන්න විදියක් නෑ.පාරක යවන්න බයයි.ලෙඩෙක්ට නිවි හැනහිල්ලේ ගෙදරක ඉන්න විදියක් නෑ.ගොවි තැනක් කරගන්න විදියක් නෑ.පොඩි දරුවෙකුට නිදා ගන්න විදියක් නෑ.ගල් බෝර දානවා ප්‍රදේශය පුරා කලු ගල් වැහි වහිනවා.දවසක් උඩින් ආපු ගලක් මගේ ළමයා හිටපු තැනට ඔන්න මෙන්න කියලා වැටුණා.මගේ දරුවගේ ජීවිතේ බේරුනේ අනුනමයෙන්.

ගිහිල්ලා කිවුවම කියනවා ගල් කැබලි උඩු හුළගට පාවෙලා එනවා කියලා.පුදුම කථා මේ මිනිස්සු කියන්නේ ගල් පුළුන් වගේ දෙයක්ද පාවෙලා එන්න.ප්‍රදේශයේ නිවාස 15ක විතර බිත්ති ඉරිතළලා පුපුරලා ගිහින් තියනවා.

මේ ආයතනයේ අඩි නමය දහය යටට ගල් පර්වතය හාරලා (බ්‍රේකර් ගැහීම)වෙඩි බෙහෙත් දාලා පුපුරනවා.පාළාතම හෙල්ලෙනවා.දෙදරුම් කෑම පොළව යටින් එන්නේ.තව වසර දෙකක් තුනක් යනකොට අපේ නිවාස පුපුරලා බිමට සමතලා වෙනවා.

මේ ගල් කොරිය වහාම වහන්න පියවර ගත්තේ නැත්නම් අපේ ජීවිත ගල් මෝලටම ඇබරිලා යනවා.මේ අපහසුතාව පිළිබදව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දැන්වූවා.ප්‍රාදේශිය ලේකම්වරයට දැන්වුවා මොරගොඩ පොලිසියට අනුරාධපුර මහ දිසාපතිවරයට භුවිද්‍යා හා පතල් ආයතනයට පුරාවිද්‍යාවට මධ්‍යම පරිසර අධිකාරියට වෙඩි පාලකවරයාට දැන්වුවා නමුත් ඒ ආයතන වල ලොකු මහත්තරු අහිංසක මිනිස්සුන්ගේ ජීවිත දේපළ ගැන කථා කරන්නෑ.ව්‍යාපාරිකයගේ ව්‍යාපාරය ගැන තමයි කථා කරන්නේ.

ගල් වැඩපල ආසන්නයේ කුකුළු ගොවිපලක් තිබ්බා අධික ශබ්දයෙන් සත්තු මැරෙන නිසා ඒ ගොවිපල වහලම දැම්මා.රටට අවශ්‍ය කළුගල් ගැන බදු ගැන තමයි කථා කරන්නේ.අපිට මේ තියන ප්‍රශ්නයත් එක්ක අපි කළුගලේ ඔළුව ගහගෙන මැරෙන්න ඕන නැත්නම් ගල් පර්වතයේ උඩ ඉදන් බිමට පැනලා මැරෙන්න ඕන යනුවෙන් ඈ පැවසුවාය.

වසර 18කට පමණ ඉහතදි ඉතා සුළුවෙන් එම ස්ථානයේ ගල් කඩමින් ජීවිකාව ගෙන ගිය ගල් පර්වතය පිහිටි ඉඩමේ හිමිකරු බව කියන ජී.එම් ගුණතිලක දිසානායක මහතා.මම තමයි ඔය ස්ථානයේ ඉතා සුළුවට අතින් ගල් කැඩුවේ.ඔය ස්ථානයේ නීත්‍යාණූකූල අයිතිකරු මම.

තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කළ ඉඩම් නිලධාරිතුමා ඇවිල්ලා මටත් ආසයි ගල් වලක් කරන්න කියලා ඉතා සූක්ෂම ආකාරයට ඔය ස්ථානයට විවිධ ලේඛණ හදලා දැන් ගල් කොරිය කරගෙන යන කෙනාට රුපියල් ලක්ෂ අසූවකට විකුණලා තියනවා.

නමුත් හිමිකරු කියනවා මට රුපියල් ලක්ෂ 80ක් දුන්නා කියලා.මම එක රුපියලක් අරගෙන නෑ.නමුත් ඉඩම් නිලධාරියා හා හිටපු ප්‍රාදේශිය ලේකම් නෝනා ඔය ස්ථානයට ලිපි ලේඛණ හදලා රුපියල් ලක්ෂ 80ක් අරගෙන බෙදාගෙන තියනවා.බිම් මට්ටමේ ඉදන් ඒවට රාජ්‍ය නිලධාරින් සහයෝගය දුන්නා.මේවා වගකීමෙන් කියන්නේ නිවැරදි ලේඛණ සියල්ල අපි සන්තකයේ තියනවා.

අද මේ ගල්කොරිය සමග අපේ ගම්මානය විනාශයි.තවත් වසර දෙකක් විතර යනකොට අපිට ගමදාලා යන්න වෙනවා නියතයි.ඔය ගල් කොරිය තියන බලපත්‍රයේ ලිපින පවා ව්‍යාජ ලෙස හදපු ඒවා යනුවෙන් ඔහු පැවසුවේය.

ගල් කොරියේ බලපෑම නිසා ජනජීවිතය අඩාලව ඇතත් වගකිව යුත්තන් නිහඩ බව පවසන ලැබුනෝරුව පහල අඹතලය පදිංචි ඊට විරෝධය දක්වන අයෙකු මෙසේ පැවසුවේය.අපි වසර ගණනාවක් තිස්සේ විදින දුකට එරෙහිව සටන් කළාට රජයේ නිලධාරින් අසරණවු ගම්වැසියන් ගැන ඇහැක් ඇරලා බලන්නේ නෑ.මොරගොඩ පොලිසියට පැමිණිලිකරාම පරිසර අංශයේ නිලධාරින් ඇවිල්ලා අපිට කෑගහනවා ගෝරනාඩු දාලා යනවා.

දිසාපතිතුමාට ගිහිල්ලා දුක කියලා තියනවා.විමර්ශනයක් කරනවා කියලා ලිපියක් එවලා තියෙනවා.වෙඩි පාලකතුමා ළගට ගියා පැමිණිල්ලක් කරන්න එතුමා ළගට ලංවෙන්න බෑ අපිට කෑගැහුවේ අපි වැරදි කරනවා වගේ.දීපු පැමිණිල්ල බාරගත්තේ නෑ එතුමාගේ ආවේග ශිලි හැසිරිමෙන්ම දැණුනා එතුමා ගල්කොරිකාරයා පැත්තේ කියලා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මෙම ගල්කොරියේ හිමිකරු බව කියමින් සේවකයෙකු මාර්ගයේ දුරකථනයෙන් කථා කළ අයෙකු අප හමුවි අදාල සිද්ධිය පිළිබදව තොරතුරු කියනා බව පැවසූවත් එවැනි කිසිදු පුද්ගලයෙකු මව්බිම හා සම්බන්ධ නොවිය.

පසුව ගල් කොරියේ හිමිකරු බව කියන චන්ද්‍රසිරි ජයවර්ධන නැමති ව්‍යාපාරිකයා තමන් බව කියමින් මව්බිම සමග සම්බන්ධවු අයෙකු මෙසේ පැවසුවේය.ඔව් සුළු පරිසර හානියක් සිද්ධ වෙනවා ඇති.අපිට වෙඩි බෙහෙත් ලැබෙන්නේ සීමිතව.ඒ නිසා අපි ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න කටයුතු කරනවා.

ගමේ ලොකු විරෝධතාවක් නෑ.කිහිප දෙනයි විරෝධය දක්වන්නේ.නමුත් අපි ගමට හුගක් උදවු කරලා තියනවා.රැකියා අවස්ථා ලබාදීලා තියනවා.අපි මේවෙන කොට පරිසර හානී ගමේ මිනිස්සුන්ට සිදුවන හානී අවමකර ගෙන ආයතනය පවත්වා ගෙන යන්නේ යනුවෙන් ඔහු පැවසුවේය.

ගම්මානයේ පුද්ගලයෙකුට අයිති බව කියන ගල් පර්වතය සහිත ඉඩම වංචා සහගත අන්දමින් ව්‍යාපාරිකයෙකුට අලවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් තිරප්පනය හිටපු ඉඩම් නිලධාරි එස්.තිලකරත්න මුතුලග මහතාගෙන් අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් විමසීම් කළත් ඔහු විවිධ කටයුතු වල නිරත වෙමින් සිටිනා බව පැවසුවේය.

පසුව ඒ මහතා කියා සිටියේ වසර දහයකට අධික කාලයකට ඉහතදි සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට මතකයක් නැති බවයි.රාජකාරි කටයුතු සිදුකර ඇත්තේ නීත්‍යාණූකූල ආකාරයෙන් බව ඒ මහතා පැවසුවේය.

ලබුනෝරුව පහළ අඹතලාගම ගම්මානයේ ජනතාව දැඩි පීඩාවකට පත්වි සිටියත් ඒ සම්බන්ධයෙන් සොයා බලා සාධාරණ ආකාරයට කටයුතු නොකරන්නේ මන්දැයි තිරප්පනය ප්‍රාදේශිය ලේකම් සජීදා භානූ මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසිමකදි ඇය මෙසේ පැවසුවාය.

ඔව් පැමිණිලි දෙකක් අවස්ථා දෙකකදි ඇවිල්ලා තියනවා.ඒ පැමිණිලි සමග මම කොට්ඨාශය බාරව ඉන්න ග්‍රාමනිලධාරිවරයා සමග ක්ෂත්‍රය පරික්ෂාවක් කළා.අපිට තාක්ෂණික දැනුමක් නෑ.

ඒ නිසා පිටපත් සහිතව මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්න කියලා පුපුරණ ද්‍රව්‍ය පාලකතුමාට හා භූවිද්‍යා පතල් ආයතනයට දන්වා තිබෙනවා.ඉදිරියේදි එම කටයුතු සිදුවෙයි යනුවෙන් ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලෙස අදාල ආයතන වලට ඉල්ලිම් රැසක් ඉදිරිපත් කළත් ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් නිහඩ ප්‍රතිපත්තියක නිරත වන බවත් නිසි විමර්ශනයක් සිදුකර නීතිය ක්‍රියාත්මක නොකළ හොත් ඉදිරියේදි ගම්මානයේ පවුල් රැසක සහ භාගීත්වයෙන් ගම්මානයේ මාරන්තික උපවාසයක් ආරම්භ කරනා බව ගම්වැසියන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

sri lanka sex video,infolanka,infolanka newsroom,infolanka brides,sri lanka time zone,sri lanka time zone utc,singapore time to sri lanka time,ads lanka,ads lanka personal,derana news sinhala,phone price in sri lanka,huawei phone price in sri lanka,oppo phone price in sri lanka,nokia phone price in sri lanka,kfc sri lanka,kfc sri lanka menu,sri lanka insurance,

Similar Posts