මුඛ ආවරණ විවිධ ස්ථානවල දැමිමෙන් රෝග ව්‍යාප්තවිමේ අවදානමක්

mask

කොවිඩ් වසංගතයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ සමහර පිරිස් මාර්ගයේ හා විවිධ ස්ථානවල දැමිමෙන්  කොවිඩ් වසංගතය මෙන්ම විවිධ රෝග ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ නගරයේ මාර්ගවල මෙන්ම විවිධ ස්ථානවල දමා යැම සුලබ දර්ණයක් බවට පත්ව ඇති බවත් මෙම තත්වය මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විශාල තර්ජනයක් බවට පත්ව ඇති බවත්ය.

මෙසේ තැන තැන දමා යන භාවිතා කරන ලද මුඛ ආවරණ ඉවත් කිරිමට නගර සභාවේ කම්කරුවන්ද මැලි කමක් දක්වනුයේ මෙයින් එම කම්කරුවන්ගේ සෞඛ්‍යටද තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බැවින් බවත් නගර සභාවේ සේවය කරන කම්කරුවන්ද මනුෂයන් බැවින් ඔවුන්ටද විවිධ සෞඛ්‍ය තර්ජන පවතින බැවින් එම කම්කරුවන් එසේ  කටයුතු කිරිම සාධරන බවද ඔහු පවසන ලදි.

කොවිඩ් ආසාදනයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ එම පිරිස් විසින්ම පුලුස්සා දැමිමට කටයුතු කරන්නේ නම් එය මෙම ප්‍රදේශයේ සියලුම දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවට හිතකර බැවින් මුඛ ආවරණ බාවිතා කරන සියලුම දෙනා තම තමන් විසින් ඉවත් කරනු ලබන මුඛ ආවරණ තම නිවෙස් තුලම පුලුස්සා දැමිමට කටයුතු කරන මෙන් සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද සඩයන් බාලචන්ද්‍රන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….