ඔබ සුදානම්ද? මීළග වැඩි වීම…

petral

මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය.

මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී මව්බිම පුවත්පතට පැවසීය.

දැන් ඛනිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියන 2.5ක විදේශ ණයක් ගැනීමට යයි. විදේශවලින් ණය ලබාගෙන තෙල් පුච්චන්නට අපට පිස්සුද? තෙල් මිල වැඩිකළ යුතුය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල සමග ලංකාවේ තෙල් මිල ගැලපිය යුතුය. ඒ අනුව, විදුලි බිල් වැනි අදාළ සියල්ල ප්‍රතිව්‍යූහගත විය යුතුය. ඉන්ධන පරිභෝජනය අවම කිරීමට ද තිබෙන මාර්ගය එයයි.

ඉන්ධනවලට සහනාධාර දෙන්නේ පොදු ප්‍රවාහනයට මුවාවෙමිනි. එහෙත්, ඉන්ධන සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවතුන්ය.

දුප්පතුන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.

කියවන්න: තෙල් මිලට සමාජවාදී විසඳුම

Is it right to obtain a foreign loan of $ 2.5 billion for petroleum?

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු ලෙස සඳහන් වන්නේ කොළඹ වරායේ තෙල් ගොඩබාන බෝයාවේ සිට කොළොන්නාව ගබඩා සංකීර්ණයට ඉන්ධන පොම්ප කරන නළ පද්ධතිය අබලන් වීම නිසා සිදුවන ප්‍රමාදයන්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය නොකිරීම නිසා පිරිපහදු කරන ලද ඉන්ධන ආනයනය කිරීමට සිදුවීම, තෙල් පිරිපහදුව සම්බන්ධ අතුරු නිෂ්පාදන පෞද්ගලික අංශයට පැවරීම වැනි කාරණාය.

එහෙත්, ඇත්ත කාරණා ඔය කිසිවක් නොවේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යනු හැමවිටම දේශපාලකයන් තමන්ට කඩේ ගිය ගෝලබාලයන්ට රැකියා ලබාදීම සඳහාත්, ඒ අන්දමින්ම රැකියා ලබාදුන් ඉහළ නිලධාරීන් හරහා විවිධ ගසාකෑම් කිරීමටත් පාවිච්චි කරන ලද ආයතනයකි. ලාංකිකයන් දරණ තෙල් මිලෙන් සැලකිය යුතු පංගුවක් මෙම ආයතනයේ අකාර්යක්ෂමතාවේ බරයි.

ඊට අමතරව, තෙල්වලින් අධික ලෙස බදු අයකිරීම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. එය රජය රටේ දුප්පත් පොහොසත් සමස්ත ජනතාවගෙන් අයකරන වක්‍ර බදු අතරින් ප්‍රධානම බද්දකි.

දේශපාලකයන් ඇතුළු දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු කරන්නේ එලෙස උපයන ආදායම්වලිනි. රජය වෙස්සන්තර භූමිකාවක් නිරූපණය කළ ද එය බොරුවකි. රජය මහජනතාවගෙන් සූරාකන බදු මුදලට සාධාරණ සේවා රටේ ජනතාවට ලැබෙන්නේ නැත. රාජ්‍ය අංශය තිබෙන්නේ දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා වරප්‍රසාද ලබාදීමටයි. රජය මහජනයාට සේවය කරන්නේ ඉහත දක්වන ලද කාර්යය සාධාරණීකරණය කිරීමේ අවම මට්ටමෙනි.

තෙල් මිලට ස්ථාවර විසඳුම අන් කිසිවක් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදීමේදී අනුගමනය කළ යුතු බවට අවධාරණය කළ මිල සූත්‍රයයි. ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල, මෙහෙයුම් හා බෙදාහැරීම් වියදම් හා රජයේ බදු ඇතුළත් විනිවිද පෙනෙන සූත්‍රයක් මගින් මාසිකව තෙල් මිල සකස් කිරීම සාධාරණය.

තෙල් පිරිපහදුව, අතුරු නිෂ්පාදන ආදියට තෙල් සංස්ථාව නැවත අතගැසීමෙහි තේරුමක් නැත. තෙල් සංස්ථාව අලුතෙන් කරන්නට යන බව කියන ගෑස් ව්‍යාපාරයත් එසේය.

රජයේ එක් ගෑස් සමාගමක් තිබියදී රජයම තවත් ගෑස් සමාගමක් ආරම්භ කරන්නේ කුමටද? අවසානයේදී සිදුවන්නේ දේශපාලන හෙංචයියන් පිරිසක් අතට පාඩු ලබන රාජ්‍ය සමාගමක් හරහා මහජන මුදල් ගලායාමයි. රජය කරන බිස්නස්වලින් සිදුවන්නේ මහජනතාවට දරන්නට සිදුවන බදුබර තවත් වැඩිවීම පමණක් බව අප දන්නා පාඩමකි. එය නැවත උගත යුතු නැත. රෝදය අලුතෙන් සොයාගන්නට දෙයක් නැත.

මේ අතර, මේ ටිකත් කිව යුතුය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි දෙයකින් ලංකාවට ඇති ප්‍රයෝජනයක් නැත. ඔය තෙල් ටැංකිවලින් දැන් කළ හැකි ව්‍යාපාරයක් නැත. එවැනි අලුත් ව්‍යාපාරයක් නිර්මාණය කරන්නට ලංකාවට හැකියාවක් ද නැත. යමක් කරනවා නම් කළ හැක්කේ ඉන්දියාව සමග හවුලේය.

තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට හෝ අලුත් තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට හෝ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් ආරම්භ කිරීමට දශක ගණනාවක් තිස්සේ බැරි වී තිබෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, ඒ සඳහා දේශපාලකයන්ට උවමනාවක් නැතිකම නිසාය.

එවැනි මෙගා ව්‍යාපෘතිවලින් ද සොරකම් කළ හැකිමුත්, පිරිපහදු නොකළ ඉන්ධන ආනයනයෙන් ඊට වඩා මාටියා ගහන බව පෙනේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ම ඇමති උදය ගම්මන්පිලට අනියමින් චෝදනා කර හමාරය.

ශ්‍රී ලංකාවේ පාලකයන්ට හරිහමන් දැක්මක් තිබේ නම්, ජාත්‍යන්තර වෙළඳ නාවුක මාර්ගයක් අසල පිහිටි ශ්‍රී ලංකාවට බොරතෙල් පිරිපහදු කර අලෙවිය විදේශ විනිමය උත්පාදන මාර්ගයක් බවට පත්කරගැනීමේ හැකියාව තවමත් තිබේ. රජයට ඒවා කරන්නට බැරිය. ඒ වෙනුවෙන් දෙස්, විදෙස් ආයෝජන කැඳවාගත යුතුය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නියාමනය සඳහා යොදාගනිමින් ඉන්ධන ආනයනය, පිරිපහදුව හා බෙදාහැරීම ද පෞද්ගලීකරණය කළ හැකිය. ඒ වෙනුවෙන් රජයට අයත් සමාගම් කිහිපයක් ආරම්භයේදී පිහිටුවිය හැකිය.

තවත් ආයතන කීපයකට ක්ෂේත්‍රය විවෘත කර තරගකාරීත්වයක් ද නිර්මාණය කළ හැකිය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු පියවාගැනීමට තෙල් මිල සකස් කිරීම නිසා ලංකා අයිඕසී වැනි සමාගම්වලට අධික ලාභයක් ලැබීමේ හැකියාව තිබේ. සංස්ථාවේ පාඩු අවම කරගැනීමෙන් හා අධික ලාභ නියාමනය කිරීමට ක්‍රම සැකසීමෙන් තත්වය ක්‍රමානුකූලව පාලනය කරගත හැකිය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් නොවන, අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම පරිසරයට ද ඉතා හානිකර වන පෙට්‍රෝලියම් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ලාංකිකයන් පෙළඹෙන්නට නම්, ජාත්‍යන්තර වෙළඳපොළේ සැබෑ තෙල් මිල අනුව සැකසෙන මිලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය යුතුය. රජය ලබන අයුතු ලාභය අවම විය යුතුය.

පෙට්‍රෝලියම් ඉන්ධන වෙනුවට මිනිස් ශක්තිය, සූර්ය බලය, සුළං බලය, මුහුදු රල වැනි පුනර්ජනනීය බලශක්ති වෙත ලංකාව යොමුවිය යුතුය.

බයිසිකල් පදිමු. පයින් යමු. ඔරුවෙන් යමු. සූදානම් වන්න. නාස්තිකාර ධනවාදී ජීවිතය බොහෝ දුරට අවසන් කිරීමට ලාංකිකයන්ට නුදුරු අනාගතයේදීම සිදුවනු ඇත. අපි සමාජවාදී විසඳුම් සොයා යමු.

මීළඟ මාතෘකාව වනු ඇත්තේ විදුලි බිල වැඩිකිරීම බව සිහිපත් කරමි.

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….