ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය ද….?

indunisia

ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. මෙම මාසයේ දි ඉන්දුනීසියාවේ දෛනික COVID-19 ආසාදිත සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව අනුව බ්‍රසීලය අභිබවා තිබුණි. ඉකුත් සඳුදා ඉන්දුනීසියාවේ COVID-19 මරණ 1,338 ක් වාර්තා විය. මේ වන විට ඉන්දුනීසියාවේ තහවුරු කරන ලද COVID-19 මරණ සංඛ්‍යාව 73,000 ඉක්මවයි.

මේ වන විට එරට දෛනික මරණ අනුපාතය ජුනි මස මුලදී දක්නට ලැබුණු මරණ සංඛ්‍යාව මෙන් 10 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇත. ජූලි අග හෝ අගෝස්තු මුල වන විට දිනපතා මරණ ගනණ 2,300 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි. පසුගිය බ්‍රහස්පතින්දා දින පැය24ක කාලයක් තුළ නව රෝගීන් 54,517 ක් සහ මරණ 991ක් එරටින් වාර්තා විය.

මෙසේ රෝගීන් ඉහළ යාමට මූලිකම හේතුව ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය යි. වසංගත රෝග විද්‍යා අංශ පෙන්වා දෙන්නේ ආසාදිත පුද්ගලයින් සොයා ගැනීමට හා හුදෙකලා කිරීමට රට තුළ සිදු කරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවයි. ඉන්දුනීසියාවේ ජනාකීර්ණ දූපතක් වන ජාවාහි ලිහිල් සංචරණ සීමාවන් නිසා තරුණ පිරිස් ආසාදනය වී පසුව වැඩිහිටියන් ඇතුළු අවදානමට ලක්විය හැකි අයට එය ව්‍යාප්ත කරන බව සොයා ගන්නා ලදී. මධ්‍යම ජාවා හි වාර්තා වන නව ආසාදිතයින් ගණන අඩු කිරීමට සමත් වූවත්, නගරයේ සෞඛ්‍ය සේවකයින්ගෙන් බොහෝ දෙනෙක් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ජුලි 3 වන දින ජකර්තා සහ ජාවා මෙන්ම සංචාරක දූපතක් වන බාලි හි ද නිලධාරීන් විසින් අර්ධ වශයෙන් අගුලු දමා ඇත. අත්‍යවශ්‍ය නොවන කර්මාන්තවල සිටින සියලුම සේවකයින් නිවසේ සිටම වැඩ කළ යුතු අතර, මූල්‍ය ඇතුළු අත්‍යවශ්‍ය යැයි සැලකෙන කර්මාන්තවල සේවකයින්ගෙන් අඩක් කාර්යාලයට පැමිණ සේවය කළ හැකිය.

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වන විට බිඳ  වැටීමකට ලක් වී තිබේ. ඉන්දුනීසියානු වෛද්‍යවරුන් 434 දෙනෙකු පමණ දැනට COVID-19 රෝගය නිසා මිය ගොස් තිබේ. පෙබරවාරි මාසයේ දී එරට වෛද්‍යවරුන් 184 දෙනෙකු කොවිඩ් -19 නිසා මිය ගිය අතර, ඔවුන්ගෙන් අවම වශයෙන් 20 දෙනෙකුට සීනොවැක් එන්නත ලබා දී ඇති බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ අවදානම් අවම කිරීමේ කණ්ඩායම පවසයි. ඔවුන් පෙන්වා දෙන පරිදි සෞඛ්‍යය සේවකයින් 1,311 ක් පමණ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට කොවිඩ් -19 නිසා මිය ගොස් ඇත. වෛද්‍යවරුන්, හෙදියන්, වින්නඹු මාතාවන්, වෛද්‍ය රසායනාගාර සේවකයින් සහ ඖෂධවේදීන් යන පිරිස් ඊට ඇතුළත් ය.

ඉන්දුනීසියාවේ, එන්නත් සඳහා ප්‍රමුඛතාවය දී තිබියදීත්, රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා සෞඛ්‍ය සේවකයින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. රෝගීන්ගේ වැඩිවීම සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා රජය හදිසි රෝහල් ඉදිකරන අතර වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇණවුම් කර තිබේ.

ඒ නමුත් ඔක්සිජන් හිඟතාව මධ්‍යයේ ඉන්දුනීසියානු රෝහල්වල කොරොනා වයිරස රෝගීන් දුසිම් ගණන් මිය යති. බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති අතර තවදුරටත් රෝගීන් පිළිගත නොහැකි ලෙස එරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය බිඳ වැටෙමින් පවතී. රෝගීන් සංඛ්‍යාව අවම වශයෙන් 20% කින් අඩු කිරීමට අපොහොසත් වුවහොත් රෝහල්වලට තවදුරටත් එය දරාගත නොහැකිය” යැයි ඉන්දුනීසියා සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

ඉන්දුනීසියානු රජය වෛරසය පාලනය සඳහා එන්නත්කරණය කෙරෙහි මූලික විශ්වාසය තබා ඇති නමුත් එන්නත් ලබා ඇති අයද රෝගයට ගොදුරු වී මිය යති. ඉන්දුනීසියානු වැසියන්ගෙන් COVID-19 ට එරෙහි එන්නත් සම්පූර්ණයෙන්ම ලබා දී ඇත්තේ 5% කට එනම් මිලියන 15කට පමණි. ජනගහනයෙන් මිලියන 181කට වැඩි පිරිසක් එන්නත් කිරීමේ ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍යය තරම් එන්නත් ලබාගැනීමට ඉන්දුනීසියාව විශාල පරිශ්‍රමයක් දරයි. මෙම මාසයේ දී මෝඩර්නා එන්නත මාත්‍රාව මිලියන 3 කට අධික ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් ලැබුණු අතර එන්නත ලබා දීමේ දී සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමුඛතාවය දෙනු ඇතැයි එරට පුවත්පත් වාර්තා කරයි.

එන්නත යනු අමතර ආරක්ෂාවක් පමණක් වන අතර වඩාත්ම වැදගත් දෙය වන්නේ සෞඛ්‍ය උපදේශ පිළිපැදීම බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ අවදානම් අවම කිරීමේ කණ්ඩායම පෙන්වා දෙති.

 

a newspaper, about newspaper, ada news paper, ada newspaper, ada sinhala news, advertise in newspaper, delivery newspaper, divaina, epaper, epaper news,
epaper the news, epaper today, headlines newspaper, i newspaper, in the papers today, newspaper headline today, newspaper near me,
newspaper old, www newspaper,

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….