කැන්බරා තවත් සති 04 කට වැසේ

kanbara

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පනවා තිබූ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ  ඊයේ (14) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් තහවුරු වීමත් සමඟය.

එරට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ එළඹෙන 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහාය.

මේ අනුව කැන්බරා නගරයේ නව සංචරණ සීමා අවසන් වනුයේ ඔක්තෝම්බර් 15 වනදාය.

Related posts