කෝවිඩ් 19 ඉතාලියේ සියලු පාසල් වසා දමයි

කෝවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සදහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කරයි.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ කළ නව කොරෝනා වෛරසය ආසාදනය අදවන විට ලෝක බලවතුන් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ.

වෛරසය ආසාදිතයින් 93 000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3198ක් වෙයි.

චීනයෙන් පිටත ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යයන් වෙත එල්ල වී තිබේ.

Related posts