ඩෙනිස් එක්සත් රාජධානිය යට කරයි

ඩෙනිස් සුළිකුණාටුවේ බලපෑමෙන් බ්‍රිතාන්‍යයේ, ස්කොට්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් හටගෙන ඇත.

ස්ථාන කිහිපයක නායයෑම්ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඩෙනිස් සුළි කුණාටුව හේතුවෙන්  දකුණුදිග වේල්සයට තවදුරටත් මහ වැසි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි.

ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි සඳහන්.

විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා හමුදා සාමාජිකයන් යොදවා තිබේ.

Related posts