තුර්කියේ 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක්

රිච්ටර් මාපාංක 5.7 ක ප්‍රභලත්වයෙන් යුතු කිලෝමීටර් 6 ක් පමණ ගැඹුරින් භූකම්පනයක් තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදුවී ඇත.

භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර දරුවන් තිදෙනක් ද සිටින බවත් නිවාස බොහොමයක් කඩා වැටී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

 

Related posts