බර්කිනා ෆාසෝ රාජ්‍යයට දරුණු ප්‍රහාරයක්

attack

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් උතුරු බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයන් 132 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි වාර්තා වේ.

එය මෑත ඉතිහාසයේ එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය බව රජය නිවේදනය කළේය. නිවාස සහ වෙළෙඳසල් රැසක් ගිනිබත් කර ඇත. එහෙත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාර ගෙන නැත. ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාර බහුලව දකින්නට ලැබෙන බුර්කිනා ෆාසෝ හි දේශසීමා අසළ ප්‍රහාර එල්ලවීම සුලබව සිදුවෙයි.

ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අන්තවාදයට එරෙහි සාමාජික රටවල්වලට දෙන සහයෝගය දෙගුණ කරන බව කීවේය.

මෙවැනි ත්‍රස්තවාදීන්ට එරෙහිව එක්සත්ව කටයුතු කළ යුතුව ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා කියා සිටී.

Related posts