යමුනා නදියේ කොරෝනා සිරුරු පාවෙයි

yamuna

ඉන්දියාවේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ දරුණුකම කියා පාමින් එරට පිහිටි ගංගා සහ යමුනා නම් ගංඟාවන්වල කොවිඩ් වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ පාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යමුනා සහ ගංඟාවන් අසල පිහිටි ගම්වැසියන් විසින් මළ සිරුරූ 100කට අධික සංඛ්‍යාවක් පාවෙමින් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබෙනවා.

බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ පසුගිය සතිය තුළදී ඉන්දියාව තුල දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවා යාමත් සමග මළ සිරුරූ ආදාහනය කිරිමට ඇති අපහසුතාවයන් හේතුවෙන් මෙලෙස ගංඟා වලට බැහැර කරන්නට ඇති බවයි.

ජනතාව පවසන්නේ සෑම පැයකට වරක් ගංඟාවල මළ සිරුරූ 2-3 ත් අතර ප්‍රමාණයක් පාවෙමින් යන අයුරු නිරීක්ෂණය කළ බවයි.

Related posts