ලෙබනනය අදුරේ

light

ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේත් රට අඳුරේ ගිලී පැවතියේය.

මෙලෙස විදුලිය විසන්ධි වී තිබෙන්නේ ලෙබනනය ආර්ථික ගැටලු කිහිපයකින් පීඩා විඳින පසුබිමකය.

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ඩීසල් හිඟවීමෙන් සෙනසුරාදා සිට ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ.

පවතින වාතාවරණය තුළ ලෙබනනයේ දිළිඳු භාවය ඉහළ ගොස් ඇති අතර ජනගහනයෙන් අඩක් පමණ දරිද්‍රතාවයටද ඇද දමා ඇතැයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.

Related posts