ජාතික ගීයේ ප්‍රශ්නයෙන් හෙළිදරව් වූ ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ගැටලුව හා ඉන්දියාවේ ආදර්ශය. – දුලාන් දසනායක

ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දින උළෙල පසුගිය පෙබරවාරි 04 වන දින අභිමානවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානයෙන් යුතුව සිංහල බසින් ගැයුණි. එය දෙමළ බසින් ගැයීම වළක්වා තිබුණි. බොහෝ සිංහල දේශප්‍රේමීන් මේ පිළිබඳ උද්දාමයට පත් වද්දී දෙමළ ජාතිකයන් මෙය මගින් ආන්තීකරණයකට ලක් වන බවට මතයක්ද දැරූ පිරිසක් විය. එකී පිරිස රාජ්‍ය විරෝධී NGO කාරයන් ඩොලර් කාක්කන් ලෙස හංවඩු ගසා තිබුණි.

මුලින් මෙම සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයිය යුතු පවසන පිරිස දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ව්‍යවස්ථාපිතව ඉඩක් ලංකාවේ නොමැති බව පැවසූ නමුත් එකී තර්කය ව්‍යවස්ථාව පිළිබද නීති විශාරදයන් විසින් ඉතා පහසුවෙන් බිඳ හෙලන ලදී.

ඉන් පසු ඔවුන් අපූරු පුහු තර්ක ගණනාවක් ඉදිරිපත් කරන ලදී. ඔවුන් ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන ලද්දක් නම් ඉන්දියාවේ ජාතික ගීය භාෂා ගණනාවකින් ගායනා නොකරන බවත් ජාතීන් ගණනාවක් සිටියත් එය ගායනා කරන්නේ එක් බසකින් බවයි. ඇත්තවශයෙන්ම ඔවුන් මුලින් ප්‍රකාශ කලේ ඉන්දියාවේ ජාතික ගීය හින්දු බසින් ගයන බවයි. ඉන්දියානු ජාතික ගීයේ භාෂාව කුමක්දැයි ඔවුන්ට වටහා දුන් පසු ඔවුන්ගේ ප්‍රකාශය රටකට එක් ජාතික ගීයක් තිබිය යුතු යැයි යන්න දක්වා පසුබැසීය.

ජාතික ගීය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළු ජාතික සංකේත නිදහසින් පසු ඉන්දියාව තුළ බිහි කිරීමේදීත්, නිදහසින්  පසු රාජ්‍ය පාලනය තුළදී ජාතිය ගොඩනැගීම ඉන්දියාවේ සිදු වූ විශිෂ්ට ආකාරය ජනවර්ගයන් ආන්තීකරණය කරමින් දිග්ගැස්සුණු සිවිල් යුද්ධයක් ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් ආදර්ශයට ගැනීම වටී.

ඉන්දියාවේ ලෞකික රාජ්‍යය ගොඩනැගීමේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරුය. ඉන්දියාව බිහි කල විශිෂ්ටතම පුද්ගලයා මහත්මා ගාන්ධි ලෙස බොහෝ දෙනා හැඳින්වුවද ඇත්තවශයෙන්ම ඉන්දියාව බිහි කල විශිෂ්ටතමයා ජවහර්ලාල් නේරුය. ඉන්දියාවේ විශිෂ්ටතමයන් ඒකාබද්ධ කල දේශපාලන නායකයා ඔහුය. ඔහු නොවන්නට ඉන්දියානු ජාතිය ගොඩනැගීම මෙතරම් සාර්ථක නොවන්නට ඉඩ තිබුණි. එලෙස දේශපාලන නායකත්වයක් සැපයිය හැකි නායකයෙක් ශ්‍රී ලංකාව බිහි නොකිරීම කණගාටුවට කරුණකි. ඉන්දියානු විශිෂ්ටයන්ගේ යම් යම් දුබලතා නේරු ඉතාමත් විශිෂ්ට ලෙස කළමණාකරනය කරමින් එක් අයෙකුගේ දුර්වලතා අනෙක් අයගේ ශක්තීන් යොදමින් කළමණාකරනය කළේය.

ඉන්දියාව විවිධ ජාතීන් හා ආගම් අදහන රටක් බව වටහාගත් නේරු ඉන්දියානු ජාතිය ගොඩනැගීමට නම් මේ සියල්ලන්ට ගෞරවනීය වටපිටාවක් නිර්මාණය කල යුතු බව විශ්වාස කළේය. හින්දු ස්වෝත්තමවාදය ඉන්දියාව තුළ ඉදිරියට පැමිණ තිබුණද හින්දු ස්වෝත්තමවාදයට දේශපාලනික ඉඩක් ලබා දී අන් ජාතීන් හා ආගම් යටපත් කළහොත් ඉන්දියාව පිරිහෙන බව ඔහු දැන සිටියේය. ඉන්දියාවට ඉදිරියට යා නොහැකි තවත් කරුණක් ලෙස ඔහු දුටුවේ ඉන්දියාව පුරා ඔඩු දුවා ඇති කුලවාදයයි. කුලවාදය දේශපාලනිකව පිටු දැකිය යුතු කරුණක් බව ඔහු විශ්වාස කළේය.

නිදහස් ඉන්දියාවේ ප්‍රථම කාර්යභාරය ලෙස ඉන්දියාවට සුවිශේෂි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතු බව නේරු දැන සිටි අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය. ඒ අනුව ඔහු ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගොඩ නැගීම භාර කළේ ඉන්දියාවේ සිටි සුප්‍රකට නීති විශාරදයකු වූ අම්බෙඩ්කාර් මහතාටය. අම්බෙඩ්කාර් යනු ඉන්දියාවේ පහත්ම කුලයක් ලෙස සැලකුණු කුලයක සාමාජිකයෙකි. එමෙන්ම ඔහු ඉන්දියාවේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් වෙසුනු බෞද්ධ ආගමිකයන්ගෙන් අයෙකි. ඉන්දියානු බෞද්ධයන්ට යම් ආකාරයක නායකත්වයක්ද අම්බෙඩ්කාර් විසින් සපයනු ලැබුණි. ඉන්දියානු බෞද්ධයන් අම්බෙඩ්කාර් බෞද්ධයන් යනුවෙන්ද හඳුන්වයි.

මහත්මා ගාන්ධි කොතරම් ජාති ආගම්වාදයට විරුද්ධ විශිෂ්ටයකු වුවද ඔහු කුලවාදය කරපින්නාගත් අයෙක් විය. මහත්මා ගාන්ධිගේ කුලවාදය හිසට නොගෙන නේරු ඉන්දියානු ආණ්ඩුක්‍රමය සැකසීම පීඩිත කුලයක සාමාජිකයකුට භාර දුනි. පීඩිත කුලවල ජනයාට රාජ්‍යය පිළිබඳ විශ්වාසයත් සුලුතර ජාතිකයන්ට හා ආගමිකයන්ට රාජ්‍යය පිළිබද විශ්වාසය ගොඩනැගුනේ මේ ක්‍රියාවෙනි. හින්දු නීති විශාරදයකු මේ කටයුත්ත සිදු කළානම් සුළුතරයන්ට ඉන්දියානු ආණ්ඩුක්‍රමය පිළිබඳ මෙතරම් විශ්වාසයක් ගොඩ නොනගිනු ඇත. ඉන්දියානුවන් ලෙස ජාතිය ගොඩනැගීමට ඔවුන් මේ ආකාරයට සම්බන්ධ වීමක් සිදු නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සුළුතර දමිළ ජාතිකයකුට හෝ වෙනත් සුළු ජාතිකයකුට පැවරුණිනම් කුමක් සිදු වනු ඇත්ද? ඒ සඳහා දේශපාලන නායකත්වය ගත හැකි පුද්ගලයෙක් ලංකාවේ සිටියෙහිද? සුළුතර ජාතිකයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම භාර දීම කෙසේ වෙතත් ලංකාවේ ක්‍රියාත්මක වුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් කිසිවක් සැකසීමට සුළු ජාතීන් සම්බන්ධ කරගත්තේද නැත. එසේ සුළුතර නායකයන් සම්බන්ධ කරගනිමින් ගොඩ නැගුණු 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හා පසුගිය යහපාලන රජයේ ආණ්ඩුක්‍රම සම්පාදක ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් නොවුණි.

ඉන්දියාවේ ජාතික ගීය ලෙස තෝරා ගන්නේ කුමක්ද යන ප්‍රශ්නයේදි නේරු ගත්තේ අතිවිශිෂ්ට තීරණයකි. ඉන්දියාව බිහි කල විශිෂ්ට සාහිත්‍යධරයා රබීන්ද්‍රනාත් තාගෝර්ය. ඔහු හින්දු ජාතිකයකු නොවේ. ඔහු බෙංගාලි ජාතිකයෙකි. බෙංගාලි ජාතිකයන් ඉන්දියාවේ සිටින්නේ ඉතාම සුළු ප්‍රතිශතයකි. නමුත් නේරු ජාතික ගීය ලෙස තෝරා ගත්තේ මේ සුළු ජනවර්ගයක් නියෝජනය කල තාගෝර්ගේ බෙංගාලි බසින් ලියවුනු ජන ගන මන ගීතයයි. හින්දු බසින් ලියවුනු ගී ගණනාවක් තිබුණත් විශේෂයෙන් සරෝජිනී නායිදු නම් ඉන්දියානු කිවිඳියගේ ගීතයක් තිබුණද නේරු තෝරා ගත්තේ එකී බෙංගාලි බසින් ගැයෙන ගීයයි. සියලුම සුළු ජාතීන් තමන්ගේ ගීය ලෙස ඉන්දියානු ජාතික ගීය අභිමානයෙන් ගයන්නේ මේ සුළුතර බසට ලබා දුන් තැන නිසාය.

ශ්‍රී ලංකාවේ තත්වය කුමක්ද? ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස සුළුතර බසක ගීයක් තෝරා ගැනීම කෙසේ වෙතත් දැනට තෝරා ගෙන ඇති සිංහල ජාතික ගීය දෙමළ බසට පරිවර්තනයක් කරමින් ගායනා කිරීමටවත් ඉඩ දීමට සූදානමක් නැත. මහ ජාතියක උද්දච්ඡ කම් වලින් ජාතියක් ගොඩනැගිය නොහැක. ශ්‍රී ලංකාවේ සියලුම ජාතික සංකේත වලින් සිදු වී ඇත්තේ සුළු ජාතීන් ආන්තීකරණයට ලක් කිරීමයි.

රටේ මූලික නීතිය තැනීමටත් රටේ ජාතික සංකේත සැකසීමටත් නේරු සුළුතර ජාතිකයන් සම්බන්ධ කරගත්තේ මේ ආකාරයෙනි. හින්දු අන්තවාදී සංවිධාන බොහොමයක විරෝධතා මැද ලෞකිකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසීමට නේරුට හැකි විය. මේ සියල්ලටම සියලු ජනවර්ගයන් සම්බන්ධ වූ අතර සියලුම ජනවර්ගයන්ට අපේ යන හැගීම ඇති කිරීමට නේරු සමත් විය.

නරේන්ද්‍ර මෝඩිගේ පුරවැසි පනතට එරෙහිව ඉන්දියාව පුරා ඇවිලී යන විරෝධතා රැල්ලෙන් පෙනී යන්නේ ඉන්දියානු ජාතිය ගොඩනැගීමේ ශක්තියයි. නේරුගේ විශිෂ්ටත්වයයි.

අසල්වැසි ශ්‍රී ලංකාව ගමන් කළේත් ගමන් කරමින් සිටින්නේත් සිංහල මහ ජාතියේ උද්දච්ඡකම් වලින් සුළුතර ජාතීන් යටපත් කරන දිශාවටය. රාජ්‍යයේ ප්‍රධානතම නිල උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඉඩ නොදීමෙන් හෙළිදරව් වන්නේ එයයි. ඉන් සුළු ජාතික තරුණයන්ට හැගි යන්නේ එම උත්සවය අපේ නොවන බවයි. ජාතික ගීය තම සහෝදර ජනයාගේ බසින් කීමට සුළු වෙලාවක් වෙන් කිරීමට අසමත් ජාතියක ඉරණම කුමක් වනු ඇතිද? ලෝකයේ බහුවාර්ගික සියලු රටවල් දියුණුව කරා යොමු වී ඇත්තේ සියලු ජාතීන් එක්වුනු ජාතිය ගොඩ නැගීමේ ක්‍රියාවලියකින් මිස මහ ජාතියේ උද්දච්ඡකම් වලින් නොවේ. දිග්ගැස්සුනු සිවිල් යුද්ධයකින් නිදහස් ඉතිහාසයෙන් අර්ධයක්ම ලියවුනු ශ්‍රී ලංකාවට මේ තත්වය තේරුම් ගැනීමට තවත් ලේ අවශ්‍යද?

-දුලාන් දසනායක-

උපුටා ගැනීමකි. ස්තූතියි aithiya.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….