ජිනිවා යෝජනාවලියෙන් ඉවත් වීම හා මහ මැතිවරණ පිල්ලිය

යුධ ජයග්‍රහණයෙන් පසුව සමහර විට ඒල්ටීටීඊ සංවිධානයටත් වඩා විශේෂයෙන් දකුණේ යුධවාදීන්ගේ වෛරයට පත්‍ර වූ සංවිධානයක් ලෙස ඒක්සත් ජාතීන්ගේ සංවිධානය පත්වී තිබුනි. ඒම සංවිධානය ශ්‍රී ලංකාවට ඒරෙහිවත්, යුද්ධයට නායකත්වය ලබා දුන් දේශපාලණ නායකත්වයටත්, යුද්ධය කළ  සොල්දාදුවන්ටත් ඒරෙහිව විශාල මෙහෙයුමක් දියත් කරන බවත්, ඔවුන්ට ඒරෙහිව යුධ අපරාධ චෝදනා ගොනුකර විදුලි පුටුවට ගෙන යන බවත් ඒකල රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන තේමාව බවට පත්විය.

ඒමෙන්ම, මීට ඒරෙහිව ශ්‍රී ලංකාවේ ඒක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට මාරාන්තික උපවාස මෙන්ම, ඒවකට සිට මහකොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා සංචාරයට ඒරෙහිව දැවැන්ත උද්ඝෝෂන සංවිධානය කරමින්, කොළඹ පිහිටි ඒම කාර්යාලය ඉදිරිපිට තොවිල් නටමින් මුලු ලෝකය ඉදිරියේ අප කොතරම් නූගත් ජාතියක්ද යන්න ප්‍රදර්ශණය කරන ලදී. ඒමෙන්ම ඇයට විවිධාකාරයේ පුද්ගලික මට්ටමේ අපහාස කිරීමට පවා ඒවකට සිටි ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරැ මූලිකත්වය ගනු ලැබීය. විටෙක විකල්ප ඒක්සත් ජාතීන්ගේ සංවිධානයක් ගොඩනැගිය යුතු බවටද මෙම මැති ඇමතිවරැ පාර්ලිමේන්තුවේ දී පවා සාකච්ඡා කරනු ලැබීය.

පැවති රජයේ මෙම අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් කාලයක සිට අපගොඩනගා තිබු ජාත්‍යන්තර සබදතා වලට විශාල වශයෙන් හානි සිදු විය. ඒම කාල සීමා තුළ කිසිදු වැදගත් රටකින් අපට ආරාධනා නොලැබුන අතර, අප කිසිදා අසා නොතිබූ ස්වාසිලන්තය වැනි රටක් හැරැනු විට කිසිදු වැදගත් රටක ප්‍රධානියෙකු අප රටට ඒකල නොපැමිණියහ. ඒමෙන්ම යම් පමණකට ජාත්‍යන්තර සම්බාදක අපට පැණවෙමින් තිබු අතර, ඒහි මුල්පියවරයන් ලෙස යුරෝපීය මත්‍ය අපනයනය සම්පුර්ණයෙන් තහනම් කරනු ලැබු අතර, යුරෝපීය රටවල් සදහා භාණ්ඩ අපනයනය කිරීමේ ලබා දී තිබුන 12.5 % GSP+ බදු සහනය ද අහෝසි කරන ලදී.

නමුත් 2015 දී පැමිණි යහපාලන රජය ඥානාන්විතව කටයුතු කරමින් ශ්‍රී ලංකාව වෙත ඒල්ල වෙමින් තිබු යුධ අපරාධ හා මානව වර්ගයාට ඒරෙහි අපරාධ සම්බන්ධ චෝදනාවන්ට නිසි ආකාරයෙන් පිළිතුරැ ලබා දෙමින් විදුලි පුටු නාටක සම්පුර්ණයෙන් නවතා දැමීමට කටයුතු කරනු ලැබීය. ඒමෙන්ම, ඇමරිකාව, යුරෝපය ඇතුලු ඒක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරනු ලබන රටවල් අති බහුතරයකගේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරැ කිරීම හා සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීම සදහා සකස් කරනු ලැබු යෝජනාවලියකට සම අනුග්‍රහය ලබා දීමට ශ්‍රී ලංකාව ඒකග විය.

ඒහි සදහන් බොහෝ යෝජනාවන් 2015 දී බලයටපත්කළ හැට දෙලක්ෂයක ජනතාවගේ ද යෝජනා වූ අතර, ඒය මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය අගය සැමගේ සතුටට හේතු විය. නමුත් මෙම යෝජනාවන්ට දැඩි විරැද්ධත්වයක් පෑවේ දමිල ඩයස්පොරාව නියෝජනය කරන අන්තවාදීන් වූ අතර, ජාතන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකික දමිල ජනතාව පාවා දෙනු ලැබූ බවට ප්‍රකාශ කරමින් ඒම යෝජනාවන්ට ඒරෙහිව ජිනීවා හි ඒක්සත් ජාතීන්ගේ කාර්යාලයන් ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයන් පවා සංවිධානය කරනු ලැබීය. ජාත්‍යන්තරයට රට පාවා දුන් බවට ප්‍රකාශ කරමින් මෙවැනි විරෝධයක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයන් හි කටයුතු කරනු ලැබූ සමහර අන්තවාදීන් විසින් ද සිදු කරනු ලැබීය. ඒමෙන්ම, දමිල හා සිංහල මෙම අන්තවාදීන් ජිනිවා සැසිවාරයන් සදහා ද සහභාගී වෙමින් මෙම ක්‍රියාකාරීත්වයට ඒරෙහිව ඒකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කරනු ද අපට පසුගියදා දක්නට ලැබුනි.

මෙම සියලු විරෝධයන්ට මුහුණ දෙමින් යහපාලන රජයේ ද ප්‍රථිපත්ති ද අනුව කටයුතු කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අධිකරණය, පොලීසිය ඇතුලු ප්‍රධාන රාජ්‍ය ආයතනයන් හි සේවා ස්වාධීන කරමින්, අතුරැදහන්කරවීම අපරාධ වරදක් බවට පත්කිරීම, වින්දිතයින් හා සාක්ෂිකරැවන් ආරක්ෂා කිරීමේ පනත, තොරතුරැ පනත වැනි වැදගත් නීති ගෙන ඒමින්, ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම සදහා සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් ලෙස අතුරැන්වුවන් පිළිබදව සොයා බැලීමේ කාර්යාලය, වන්දි කාර්යාල ස්ථාපිත කිරීම වැනි කටයුතු සාර්ථකව සිදු කරනු ලැබීය.

මෙම කටයුතු වලදී ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතිය මත නැවතත් ලෝකයේ වැදගත් රටවල අවධානය දිනා ගැනීමට හැකි වූ අතර, අහිමිව ගොස් තිබු යුරෝපීය මත්‍යස තහනම හා GSP+ බදු සහනය වැනි සහන නැවත ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඒමෙන්ම, අද වන විට මෙම සියලු යෝජනා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත වී පරිපුර්ණ නීති බවට පත්වී තිබේ. ඒම නීති ක්‍රියාවේ යෙදවීම සදහා අවශ්‍ය යාන්ත්‍රණයන් පිහිට වීම හා ඒ්වා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ප්‍රථිපාදන ඇයවැයෙන් වෙන්කර මේ වන විට සැලකිය යුතු මට්ටමකන් මින් සමහරක් ක්‍රියාත්මක වෙමින් පවතී.

වර්තාමාන හමුදාපතිවරයාට ඒල්ල වු චෝදනාවෙන් පසුව ඊට ඒකට ඒක කිරීමක් ලෙස කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් අනුව පසුගියදා මෙම ක්‍රියාවලියෙන් ඉවත්වන බව වර්තමාන රජය ප්‍රකාශ කරනු ලැබුවත්, ඒය මහ මැතිවරණය ඉලක්ක කරමින් දකුණේ තම ඡන්ද දායකයින් කුල්මත් කිරීම සදහා කළ ප්‍රකාශයක් බවට තහවුරැ වන්නේ දැනටමත් මේ සම්බන්ධව ක්‍රියාත්මක ඇති නීති ඉවත් කිරීමට කිසිදු පියවරක් රජය විසින් මෙතෙක් නොගැනීම නිසාය. ඒමෙන්ම, මෙවැනි යෝජනාවක් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යුත්තේ වර්තමානයේ ශ්‍රී ලංකා රජයට සහාය දක්වන රටවල් මගින් සිදු කරනු ලබන යෝජනාවක් හරහා වන බැවින්, ඒ සදහා ද මෙතෙක් ඒවැනි කිසිදු පියවරක් කිසිදු රජයක් සමග ගෙන ඇති බවක්ද වාර්තා නොවේ. ඒමෙන්ම, ඒවැනි ක්‍රියාවලියකදී ඉතා වැදගත් කාර්ය භාරයක් ජිනීවා ශ්‍රී ලංකා කොමසාරිස්වරයා විසින් සිදු කළ යුතු වුවත් නව රජය පත්වී මාස 3ක් ඉක්මව ගොස් ඇතත් ජිනීවා ශ්‍රී ලංකා තානාපතිවරයා පත්කිරීමට වර්තමාන රජය තවමත් අපොහොසත්ව තිබේ.

පිලිප් දිසානායක

Related posts