ගෞරවය රැකගෙන කටයුතු කරන්න

පානදුර, මොරටුව පරණ පාර මාර්ගයේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.

එම අවස්ථාවේදී  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය වෙනුවට රුපියල් 50,000ක් වූ මුදල් ඇපයක් මත තාවකාලික රියදුරු  බලපත්‍රයක් නිකුත් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙම අනතුර 2020 ජූනි මස 6 වැනි දින අළුයම් කාලයේ සිදුවූ බවත් අනතුරින් පානදුර, ගොරකාපොල ප්‍රදේශයේ පදිංචි (64) වැනි වියේ පසුවූ රැකියාව වශයෙන් පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු වන නෙවිල් පීරිස් නැමැති පුද්ගලයෙක් මරණයට පත් වූ බව පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීය.

කරුණු සියල්ල සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම රිය අනතුරින් මරණයට පත්වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අගතියට පත් පාර්ශවය  අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙසත් වැඩිදුරටත්  උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඇලුම් කරන දක්ෂ ක්‍රීඩක පරපුරක් සිටියත් රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ ඉතා අතළොස්සක් පමණක් බවත් ඒ තේරීම ඉතාම ගෞරවාන්විත රැක ගන්නා ලෙසත් රටේ ජීවත් වන ජනයා කිසිදු ආකාරයකින් පීඩාවකට හෝ අපහසුතාවයකට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් රටේ ලෝකයේ  සියලු දෙනාටම ආදර්ශමත් ලෙස හා විනීතව හැසිරෙන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතාට තරයේ අවවාද කළේය.

නැවත මෙම නඩු විභාගය 2021 සැප්තැම්බර් මස 29 වන දින යළි කැඳවන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පාර්ශව වෙත දැනුම් දුන්නේය.

කුසල් මෙන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු නීතිඥයින් පිරිසක් පෙනී සිටියේය.

සමීර අබේසිංහ  – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….