ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ඒ, ඊයේ පැවති දෙවන එක්දින තරගයත් කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් තුළ ජයග්‍රහණය කරා ගමන් කළ කොදෙව් පිතිකරුවන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 274ක් ලබා ගත්තේය.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 192කි.ශතකයක් ලබා ගත් එවින් ලුවිස් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.ෂායි හෝප් ලබාගත් ලකුණු ගණන 84කි.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට(14) පැවැත්වීමට නියමිතය.

Similar Posts