sancharaka

බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පැවසිය.

අනුරාධපුර නගරයේ පිහිටි වාසල සංචාරක හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි ගුණසේකර මහතා මේ බව පැවසිය.

අනුරාධපුරයේ සංචාරක හිමියන් ගැටළු රැසකට මුහුණපා සිටිනවා.හෝටල් නඩත්තු කරන්න බැහැ. ලබාගත් බැංකු ණය ගෙවා ගන්න බැහැ. දැන්ටමත් හෝටල් පහක් බැංකුවලට සින්නවි තිබෙනවා. ඒ වගේම පුහුණු සේවකයන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වි මාලදිවයින වැනි රටවල්වල හෝටල්වලට සේවයට යනවා.

සංචාරක කර්මාන්තයට කිසිදු සහනයක් නැහැ. හෝටලයේ නාම පුවරුව ප්‍රදර්ශණය කරනවාට පමණක් නගර සභාවට රුපියල් පනස් දහසක මුදලකුත් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් පනස් දහසකුත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.නොගෙව්වොත් නඩු දානවා.

අද මේ වගේ තත්වයක් තමයි අනුරාධපුරයේ තිබෙන්නේ.

සමස්ථ ලංකාවේම තත්වය මේක වෙන්න ඇති කියලා අපි හිතනවා.

Similar Posts