economy

සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා ණය ලබා ගැනීමෙන් හෝ ණයට භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්‍රශ්නය නොවිසදෙන නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ඉන්දියාවෙන් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බවද සඳහන් කළේය.

Similar Posts