අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!

මේ මහා පොළවේ මේසා ආස්චර්‍යයක් කරපු අරගය නොහිටින්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙන බව මුලින්ම කියන්න ඕනී. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ ගෞරවය තියෙන්නේ අරගලයේ මිසක් පාර්ලිමේන්තුවේ අද ඡන්දය දීපු 134 නෙවෙයි. හැම අතින්ම රනිල් ජනාධිපතිවරයට ඔසවා තැබුවේ අරගලය විසින්. නැත්තං ඉතිං ජනපති සිහිනය පිටින් මියදෙන්න තමයි වෙන්නේ. මේක එක කතාවක්. ඊළඟ කතාව තමයි මේක..

රනිල්ට ඡන්ද 134ක් ලැබුණේ කොහොමද? ඒකට ප්‍රධානම හේතුව තමයි අරගලය නිසා භීතියට පත්වෙලා ඉන්න පොහොට්ටු ලොක්කෝ හිතාගෙන ඉන්නවා රනිල් තමයි තමන්ගේ එකම ගැළවුම්කරුවා කියලා. විශේෂයෙන් ගෙවල් ගිනිගත්ත සෙට් එක. ගෝල්ෆේස් එක එක්කම අරගලය පොළවට සමතලා කරලා, අරගලකරුවන්ට ගහලා, ඕනීනම් මරලා අරගලකරුවන් හිරේට ගාල්කරලා, තමන්ගේ විනාශ වුණ ගෙවල් නැවත ගොඩනඟලා තමන්ගේ නැතිවුණ දේශපාලන අධිරාජ්‍ය ප්‍රතිසංස්කරණය තමයි උන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ තියලා බලාපොරොත්තුවන එකම දේ.

ඒ නිසාම උන් ඩලස්ට ඡන්දය දුන්නේ නෑ. අනෙක තමයි උන් අස්සේ තවමත් වළව්වට කබුරන්න තියෙන ලේවලට බැස්ස ආසාව..
සජබ ඩලස් පස්සේ හිටගත්තේ නැත්තං ඩලස්ට ඡන්ද 20ක් වත් ගන්න පුලුවන් වෙයි ද කියලා මට දැන් හිතෙනවා. රනිල්ට ඡන්ද එකතුකරන වැඩේට හොඳටම බැහැලා හිටිය ලැයිසන් කප්පම්කාරයෙක් වුණ ප්‍රසන්න රණතුංග එහෙම තමන්ගේ ඩියුටි එක නියමෙට කරලා තියෙනවා.. ඒනිසා රනිල් ගිහිං තියෙන්නේ වවුලගේ මඟුල් ගෙදර ද කියන එක අගමැති පත්කරලා ආණ්ඩුව හදනකොට පෙනෙයි.

ඊළඟ කතාව තමයි මේ අරගය අස්සේ ඉන්නේ චීන මකරෝ කියන දේ ඉන්දියාව සහ ඇමරිකාව විශ්වාස කිරීම. මේ නිසා ඇමරි-ඉන්දු බල දේශපාලනය මේ ඡන්ද ප්‍රතිඵලය අස්සේ තිබෙනවා. (TNA එක ඊයේ ඩලස් හම්බවුණා කියලා), TNA එක ඉන්දියාව නොතකා ඩලස්ට ඡන්දය දුන්නේ නෑ. වතුකර දෙමළ නියෝජිතයොත් ඉන්දියාව කියන දේ මිසක් වර්තමානයේ තියෙන ඇත්ත දේශපාලන ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළේ නෑ.

අද සටන අවසානයේ රනිල් ජනාධිපති සටනට යෝජනා කරපු දිනේෂ් ගුණවර්ධන කතාවක් කළා. ඒ කතාව අස්සේ රනිල්ගේ ගිනි ගත්ත නිවස ගැනත් කියන්න දිනේෂ් අමතක කළේ නෑ. මට පාස්කු ප්‍රහාරය මතක් වුණා. ඒ විතරක් නෙවෙයි බුද්ධි අංශත් මතක් වුණා.
රනිල් ජනාධිපති පුටුවට ගිය මාර්ගය කාපට් කරපු සරසපු එක වැදගත් සිදුවීමක් තමයි මේ ගෙදර ගිනි තැබීම. ඒකත් පාස්කු දෙක වගේ තමයි කියලයි මට හිතෙන්නේ. පුස්තකාලයක් බිලිදීලා ජනාධිපතිකම ගත්තා වගේ කියලා අලුත් පිරුලක් හදන්න ඇහැක්..! රෝගී බිරිඳගේ තතු වුණත් මිනිස්සු අස්සේ ලොකු අනුකම්පාවක් ජනනය කළා.

ඉන්දියාවට විතරක් නෙවෙයි කලාපයේ අනික් රටවල්වලටත් මේ අරගලය විශාල බයක් අරගෙන එනවා. ඒනිසා ඔවුන් මොන මිලක් ගෙවා හෝ මේක අවසන් කරන්න කැමතියි. ඒ අතින් බලනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීම තේරුම් ගන්න අමාරු නෑ.
ඒනිසා පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් රනිල්ගේ නම ඉස්සර ලකුණු වීම සරළ අහිංසක කාරණයක් නෙවෙයි.

කොහොමවුණත් දැන් ඉතිං කතා නෙවෙයි වැඩයි ඕනී. පෝලිම් යුගය කොතරම් කාලෙකින් අවසන් කරනවාද? උද්දමනයට දෙන විසඳුම මොකද්ද? රැකියා ප්‍රශ්නයට දෙන විසඳුම මොකද්ද? ළමයින්ගේ විනාශ වුණ අධ්‍යාපනයට කරන්න මොනවාද කියන එක මත මේරට සිවිල් යුද්ධ තත්ත්වයක් වෙත යනවාද නැද්ද කියන දේ තීරණය වේවි.

කොහොමවුණත් මෙතනින් පස්සේ රනිල් ගෝ හෝම් කියලා මම නම් අරගල කරන්නේ නෑ.
රනිල් මේ රට සුඛිත මුධිත කරනකම් ආසාවෙන් ආදරෙන් බලාගෙන ඉන්නවා.
හැබැයි විධායකය අවසන් කරන්න, අලුත් ව්‍යවස්ථාවක් ගේන්න, වගේ පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පුලුල් ජන අරගලයක් මේ බිමේ පටන් ගැනෙනවා නම් මම එතන හිටගන්න දෙපාරක් හිතන්නේ නෑ..

සුබ අනාගතයක්..!

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….