අරගලයේ මවුවරුන් මානව හිමිකම් යයි

aragalaya

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ.

අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ.

මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ඉගෙනුම් හා රැකියා කටයුතු සිදුකිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබූ බව පැමිණිල්ල භාර දීමට පැමිණි අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයේ නියෝජිත ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය.

අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා අපහසුතා මධ්‍යයේ රැස්කර තිබූ ජල ටැංකි, ජල පෙරන උපකරණ, ඇඳුම්, පොත්පත්, ඖෂධ වර්ග ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ දෑ විනාශ කර තිබෙන බව ද පෙරේරා මහත්මිය සඳහන් කළා ය.

ආරක්ෂක අංශ අරගල භූමියේ රැඳී සිටි අඳ ගොළු බිහිරි තරුණ තරුණියන්ට හා ආබාධිත රණවිරුවන්ට පහර දීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ විශේෂ අවධානයට ලක් කළ බව ද ඇය ප්‍රකාශ කළාය.

ගාලු මුව‍ෙදාර අරගල භූමියේ සිටින තරුණ තරුණියන් සිදුකරන කාර්යභාරය දෙස විමසිලිමත්ව බලා සිට ඔවුන්ට හරි වැරැද්ද පෙන්වා දීම සඳහා ත්, ඔවුන්ට ආරක්ෂාව සැලසීම සඳහාත් අරගලයේ අම්මාවරුන් එක්ව සිටින බව ද ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය.

මවුවරුන් නිහඬ වුවහොත් මූලික අයිතිවාසිකම් තව තවත් උල්ලංඝණය කිරීමට පාලකයන්ට හැකිවන බව ත්, මෙම ප්‍රහාරයට විරුද්ධව ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග ගන්නා බව ත් ඇය සඳහන් කළා ය.

Related posts