මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි

rajja

“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා  පසු ගිය දා මතුගමදි  කීවෙිය.

මතුගම පැවති උත්සවයකින් අනතුරුව  ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ ක‍ළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා.

අවුරුදු පහෙන් පහට තම ජයග්‍රහණ   සදහා මෙය යොදා ගත්තා. මෙයට විරෝධය දක්වමින් මෙම ක්‍රමවේදය නතර කිරිම සදහා රාජ්‍ය සම්පත් අවභාවිතයට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුම් දුන්නා.

තම පවුලේ සාමාජිකයින් රජයේ තනතුරුවලට යොදන්නෙ නැහැ කියන පොරොන්දුව ජනතාවට  ලබාදි මේ රජය බලය ගත්තා.  නමුත් නැවත පලාත් සභා මැතිවරණයක් පිළිබද කතා බහ වෙන මේ මොහොහොතේ යළිත් රාජ්‍ය නිළධාරින් තමන්ගේ  දේශපාලන අවශ්‍යතා සදහා යොදා ගැනිම කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.

කාන්තාවන්ගේ  හා රාජ්‍ය නිළධාරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින මැති ඇමතිවරුන් රජයේ නිළධාරින්ට  බලපෑම්  සිදුරකරමින්  සිටින බවට  තොරතුරු ලැබි තිබෙනවා. මේ පිළිබද රජයේ නිළධාරිණියන් තම අප්‍රසාදය හා නොකැමැත්ත පළකර තිබෙනවා.

මේ පිළිබද ගරු ජනාධිපතිතුමා , රජය කරවන බලධරයන් සොයා බැලිය යුතුයි. මොකද මේක ඉතාම නරක පුර්වාදර්ශ සපයනවා.රජයේ මැති ඇමතිවරුන්ම මේ ආකාරයට කාන්තා නිළධාරින්ට බලපෑම් කරමින්,ඔවුන් අසරණ කරනවා නම් එතනම කාන්තා හිංසනයක් සිදුවෙනවා.

මෙහෙම බලනවිට කාන්තා හිංසනය කරන්නෙ ඒ ගැන කතා කරන රජයේම මැති ඇමතිවරුන්විම ඉතාම අවාසනාවන්න තත්වයක් වෙලා තියෙනවා. මොවුන් නියමින් හා  අනියමින් රජයේ නිළධාරින් දේශපාලනිකරණයට යොදාගන තියෙනවා. තමාගෙන් පසු තම පුතා, බිරිද, හෝ තම ඥාතියා දේශපාලනයට ගෙනඒමේ සුපුරුදු යාන්ත්‍රණයට රජයේ නිළධාරිනියන් , රාජ්‍ය සම්පත් වක්‍රාකාරව යොදා ගනිමින් තියෙනවා.

මේ වෙනුවෙන් රජයේ ඉහළ නිළධාරින්  අවශ්‍ය කටයුතු නොකරන්නේ නම්  ඊට එරෙහිව  අවශ්‍ය කටයුතු කරන්නට අප පසු බට නොවන බවද සිහිපත් කළ යුතුයි. රජයේ නිළධාරින් මේ ආකාරයට අසරණ වෙලා සිටිනවා නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වගේ ඔවුන්ගේ ඉහළ පාලන අධිකාරිය මෙි පිළිබද සොයා බලා අවශ්‍ය කටයුතු  සිදු කළ යුතුයි.

මේ ආකාරයට ඉදිරියේදි දිගින් දිගටම තමන්ගේ සේවා නිදහසට නියමයෙන් හෝ අනියමෙන් බලපෑම් එනවා නම්  තමාගෙන් ධුර කාලයෙන් ඉක්මණින්  සමු ගන්නා අවාසනාවන්ත තත්වයන් පවා ඇතිවිය හැකි බව එම නිළධාරිණියන් ප්‍රකාශකර තිබෙනවා.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….