මම වඩාත්ම ආදරය කරන දෙමළාට හුස්ම ටිකක් දෙන්න ඔබටත් පුලුවන්. …!!

nada

මට හිතෙන්නේ මේ ලෝකේ හැම දෙයක්ම මාරම ලස්සනයි කියලා. විඳින්න තමයි හැම දෙයක්ම තියෙන්නේ. විඳවන එකත් වින්දන අවකාශයක්. අපි කැලෙන් එළියට ආවේ විඳින්න තියෙන ආසාවට.

අපේ රස නහර අනෙක් සතුනගෙ රස නහරවලට වැඩිය වෙනස් කියන එක තමයි අපි සත්ව ලෝකේ රජ්ජුරුවෝ හැටියට අද පෙන්වලා තියෙන්නේ. අපි සමූහයට කැමතියි. ඒක අපේ උරුමය. ඒ වගේම අපි තනි වෙන්න කැමතියි. ඒක අපේ සංස්කෘතිය. අපි ලබා ගත්ත දේ.

නඩා නැත්තං ටී නඩරාෂා මම මාරම වඳිහට විඳින මනුස්සයෙක්. ඒ නිසාම නඩා කියන්නේ මගේ බොක්කක්. එහෙමත් නැත්තං ප්‍රාන මිත්‍රයෙක්. සකියෙක්. සන් මිත්‍ර ප්‍රාණියෙක්.

නඩා මට හම්බවෙන්නේ 2013 රාවයට ආවට පස්සේ. එතකොට නඩා තමයි රාවයේ ස්ටෝ භාරව හිටියේ. කඩියෙක් වගේ එහෙට මෙහෙට ඇවිදින ප්‍රියමනාප මේ දෙමළට මගේ හිත යන්න වැඩි කාලයක් ගියේ නෑ. මට වඩාත්ම සමීප වුණ දෙමළා කවුද කියලා කවුරු හරි ඇහුවොත් ඒ නඩා කියලා කියන්න මම පැකිලෙන්නේ නෑ. නඩා කියන්නේ උණුසුම් මිත්‍ර ප්‍රානියෙක්.

මම ස්භාවයෙන්ම මිත්‍ර සමාගමයට ප්‍රිය උනාට මිත්‍රසේවන නඩත්තුවට ප්‍රිය මනුස්සයෙක් නෙවෙයි. මම එහෙම යාලුවන්ට දවස ගානේ හරි සතිගානේ හරි මාස ගානේ හරි කතාකරන හාදයෙකුත් නෙවෙයි. මිත්‍රයෙක් බොක්කට වැදුනොත් කතාකලත් නැතත් මම ඌට ප්‍රියයි.

අවුරුද්දකින් දශකයකින් හම්බවුණත් ලෙන්ගතුයි. ඒ මිත්‍ර රසායනයේ වෙනසක් නෑ. ඒකෙම අනික් පැත්තට හැලුවොත් හැලුවා තමයි. ආයේ රසායනය වෙන්නේ නෑ. සංයෝග වෙන්නේ නෑ.

ඉතිං මගේ මේ මිත්‍ර කෙමෙස්ට්‍රිය අස්සේ නඩා කියන්නේ හැමදාම සංයෝග වුණ හාදයෙක්. අපි දෙන්නා නැගෙනහිර පීරලා රාවයට ආටිකල් කරන්න ඇති. ඌ දෙමළ මම සිංහල කියලා නෙවෙයි අපි මනුස්සයෝ කියන තැනින් අපි එකතුවුණා හැමදාම ජීවත්වුණා. නඩා කියන්නේ මට අලුත් සංස්කෘතික කලාපයක්. වින්ඳන අවකාශයක්.

වරක් අපි දෙන්නා මුස්ලිම් පල්ලියක් සහ හින්දු කෝවිලක් අතර ප්‍රශ්නයක් ගැන ලියන්න කොළඹ මරදානට කිට්ටුව (මතක විදිහට) වත්තකට ගියාම මුස්ලිම් ප්‍රජාව අපිව වට කරගත්තා ගහන්න. ඔන්න ගහයි මෙන්න ගහයි මොහොතක මේ මිත්‍රයාගේ මිත්‍ර හැසිරීම මට තවමත් මතකයි.

නඩාගේ ගම මඩකලපුවේ වාලච්චේන. උතුරු නැගෙනහිර දෙමළ අරගලයේ සුවිශේෂ පුද්ගලයෙක් නඩා කියන්නේ. ඇත්තටම නඩා කියලා තියෙන කතාවල හැටියට නඩා මේ ජීවත්වෙන්නේ බෝනස් ජීවිතයක්. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ මේ ලෝකේ පුදුම ලස්සන තැනක් කියලා. ලස්සන අහම්බයන් තමයි හැමතැනම.

නඩා කියන්නෙත් මට අනුව සුන්දර අහම්බයක්. සිවරාම් වගේ මිනිස්සු මුණගැහිලා නැතිවුණාට නඩා නිසා ඔවුන්ව ජීවිතයට ලංකරගන්න අමාරු වුණේ නෑ. දෙමළ ලෝකයේ විචිත්‍රත්වය මගේ සිංහල ජීවිතයට ඉන්ජෙක් කළේ නඩා කිව්වොත් හරියටම හරි.ඒක හරිම ලස්සන අවකාශයක්.. ඒ ලස්සන අපි අල්ලගන්න දැනගන්න ඕනෑ. ඒකට අපි පුරුදු වෙන්න ඕනී. පුහුණු වෙන්න ඕනී.

දෙමළ අරගලය නිසාම තමයි නඩරාසා කොළඹට සංක්‍රමණය වෙන්නේ. රාවයට එන්නේ දෙමළ පත්තරයක් කරන්න.. එහෙම ආපු නඩා රාවයේ නතර වෙනවා. සිංහල මිත්‍රයන් අස්සේ නවසමසමාජේ වගේ තැන්වල නඩා නවතිනවා. නඩා ගහනවා. ඒ රස්තියාදුව නිසාම තමයි නඩා අපිට හමුවෙන්නේ…

නඩා අඳුරගත්තට පස්සේ පාසිකුඩා වෙරළ තීරය අපිට සුපුරුදු වෙනවා. නැගෙනහිර දෙමලුන්ගේ සංස්කෘතිය සුපුරුදු වෙනවා. නඩයි මායි උතුරු නැගෙනහිර ගොඩක් තැන්වල ඇවිදිනවා ඊට පස්සේ. ඒක වෙනමම වින්දනයක්. ඒ වින්දන කලාපයට මාව ඇතුල් කළාට නඩාට පින් දෙන්න ඕනී..! හැමතැනකම තියෙන්නේ උතුරා යන ආදරයක්..

ඒ ආදරය අපි විඳින්නම ඕනී. ඒ වින්දනය අස්සේ විතරයි දෙමළා අපිට තේරෙන්න ගන්නේ. මේ නිසා නඩා විතරක් නෙවෙයි නඩාගේ පවුලේ දෙමළ සනුහරෙත් අපේ නෑදෑයෝ මිත්‍රයෝ වෙනවා.

අපි භාෂාව පැත්තකට වීසිකරලා නැගෙනහිර දි ඇස්වලින් මුහුණේ ඇදෙන ඉරියව්වලින් කතාකරනවා. ආදරෙයි කියලා තියෙනවා. දෙමළාගේ ආදරය ඇස්වලින් උරාගෙන තියෙනවා. මදහසක් අස්සෙ හිනැහෙන තෙතමනය විඳලා තියෙනවා. ඒක නඩාලත් එහෙම්මම විඳලා ඇති. ඒකේ ආයි කතා දෙකක් නෑ..

ලෙයින් පෙඟුණු දෙමළ අරගලයක් අස්සේ ජීවිතේ වැඩි කාලයක් අරගලකාරයෙක් විඳිහට ගෙවපු නඩාට මේ ලැබිලා තියෙන්නේ බෝනස් ජීවිත කාලයක්. ඒකේ ආයි කතා දෙකක් නෑ.

ඒ ජීවිතේ අස්සේ සුවෙන් සනීපෙන් හිටපු නඩා අද වෙනකොට අපි කවුරුත් නොහිතපු විදිහට රෝගියෙක් වෙලා.. ඔහුට තවවැඩි කාලයක් අපි එක්ක ආදරය බෙදාහදාගෙන ජීවත් වෙන්න නම් සැත්කමක් සිදුකරන්න වෙලා තියෙනවා. ඔව් ඉක්මන් සැත්කමක්.. ඒකට විශාල මුදලක් යනවා..

ඒ වියදම ඔහුට සහ පවුලේ අයට දරන්න හැකියාවක් නෑ. ඉතිං මේක ලියන්නේම ඔබට ආයාචනා කරන්න. නඩාගේ ජීවිතයට ඔබටත් පුලුවන් හුස්ම ටිකක් පිඹින්න.

අපි හැවෝම මේ ජීවිතේ අස්සේ උත්සාහ කරන්නේ වඩා වැඩි කාලයක් යෙහෙන් ජීවත් වෙන්න. අපි අරගල කරන්නේ මරා ගන්නේ පොළව ලෙයින් තෙත් කරන්නේ වඩා යහපත් ලෝකයක වැඩි කාලයක් ජීවත් වෙන්න. යුද්ධයට උදුරගන්න බැරිවුණ නඩාගේ ජීවිතය පිළිකාව වැනි රෝගයකට උදුරාගන්න දෙන්නේ කොහොමද?

ඉතිං අපි තීරණය කළා නඩා එක්ක එකතුවෙලා මේ සටන කරන්න. ඔහුට ශක්තියක් වෙන්න. සැත්කමෙන් පස්සේ ආයෙත් හිනාවෙලා අපි අතරට මේ දෙමළා එනවාට අපි මනාපයි.

ඒනිසා අපි මේ සුවිශාල මුදල එකතුකරගන්නට ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
ඉතිං නඩාගේ ජීවිතය රැකගන්න උදව් කරන්න කැමති කෙනෙකුට පහත බැංකු ගිණුමට මුදල් පරිත්‍යාග යොමුකරන්න පුලුවන්..

A/C No 8570024345
Ananthi Nadarasa | Commercial Bank
Grandpass
විමසීම් : 779776979

කේ.සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….