jiniwa

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ කෙටුම්පත් කර ඇති, A/HRC/51/L.1 දරන මෙම යෝජනාව ඔක්තෝබර් 06 වැනිදා ඡන්ද විමසීමට ලක්කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙවර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් අතුරින් රටවල් 10ක සහයෝගය හෝ ලබා ගැනීම ශ්‍රී ලංකාවට අපහසුවී ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට රටවල් 26ක් සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟතාව පළකර ඇතැයි ජිනීවා වෙතින් ලැබෙන වාර්තා අනාවරණය කරයි.

ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙකියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, තුර්කිය, එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 26ක් මෙම යෝජනාවට අත්සන් තබා ඇතැයි පැවසේ.

Similar Posts