job

මෙරට පරිගණක සාක්ෂරතාව 36%ක් බව ත් වැඩි ම පරිගණක සාක්ෂරතාවක් ඇති පිරිස විරැකියාවෙන් පෙළෙන කාණ්ඩයට අයත් බව ත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මෙරට පරිගණක සාක්ෂරතාව සම්බන්ධයෙන් ජන ලේඛන හ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සංගණනයකින් එය අනාවරණය වී ඇත.

එම සංගණනයට අනුව මෙරට කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින අතර 2022 වසරේදී පිරිමි පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව 37.3%ක ප්‍රතිශතයක් වන අතර කාන්තාවන්ගේ පරිගණක සාක්ෂරතාව 34.8%කි.

2022 වසරේදී ගෘහ උපකරණයක් ලෙස මෙරට පරිගණකයක් හිමි පිරිස 21.9%ක් වන බවත් එය 2020 වසරේදී පැවතියේ 7.6% අගයක බවත් එම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

පරිගණකයක් හිමි වැඩි ම පිරිසක් නාගරිකව සිටින බව ද අඩු ම පිරිසක් වතු ආශ්‍රිතව සිටින බව ද ජන හා ලේඛනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙරට ගෘහ ජනගහනයෙන් ඉන්ටර්නෙට් සහ ඊමේල් පහසුකම් භාවිත කරන කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් ඉහළ ප්‍රතිශතයක් ගන්නා බව ද 2022 වසරේදී පිරිමි පුද්ගලයන් 19.4%ක් ද කාන්තාවන් 16.1%ක ප්‍රතිශතයක් ද ඉන්ටර්නෙට් සහ ඊමේල් පහසුකම් භාවිත කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වුව ද 2022 වසරේදී මෙරට ගෘහ ජනගහනයෙන් ඉන්ටර්නෙට් ඊමේල් පහසුකම් භාවිත කරන පිරිස 17.6%ක ප්‍රතිශතයක් ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙරට රැකියාවේ නිරතව සිටින ජනගහනයෙන් වැඩි ම පරිගණක සාක්ෂරතාවක් හිමි පිරිස කළමනාකරුවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නීති සම්පාදකයන් වන බව ද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කරයි.

Similar Posts