ගස්, ගල්, කදු උඩ ඔන්ලයින්

online

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය.

කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය.

” අපේ ⁣රටේ කාලෙන් කාලෙට බලයට පත්වන ආණ්ඩු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගේනවා කිව්වත් බලය ගත්ත පසුව එහෙම දෙයක් කරල නැහැ. අපට එවැනි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති කමෙි ප්‍රතිවිපාක අත් විඳිමට සිදුව අෑත්තේ මේ රටේ අහිංසක දරුවන්ටයි.

කොවිඩ් වසංගතය නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වසර එකහමාරක් තිස්සේ නතර වෙලා තිවෙනවා. ආණ්ඩුව කියන්නෙ දරුවන්ට “ඔන් ලයින්” අධ්‍යාපන කටයුතු සිදු කරන බවයි. නමුත් රටෙි දිස්ත්‍රික්ක 25 තුළ ගැටළුවකින් තොරව “ඔන් ලයින්” ඉගනිමට හැකි දරුවන් ගණන අතලොස්සක් පමණයි. කළුතර දිස්ත්‍රික්කයේ ආසන අටෙි බොහෝ ප්‍රදේශවල දරුවන්ට සිග්නල් පහසුකම් නැහැ.එක අතකින් සිග්නල් නැහැ. අනෙත් අතට ඩේටා ගන්න සල්ලි නැහැ.මෙි දරුවන්ට හොඳ මානසිකත්වයකින් ඉගන ගන්න බැහැ.නමුත් අවසානයේ එකම විභාගයකට පෙනිසිටින්නට සිදු වෙනවා.

ඩිජිටල් සහ තාක්ෂණ කටයුතු භාර අමාත්‍ය වරයාය මෙි පිළිබද මෙි අවස්ථාවෙදි විශාල ගකීමක් තියෙනවා. අද අපේ රටෙි නිදහස් අධ්‍යාපනය නමට සීමාවෙලා තියෙනවා.පාසල් අධ්‍යාපනය පවා ඩේටා කාඩ් එකට විකිණෙන තැනට වැටලා තියෙනවා.ඒකත් හොඳ පහසුකම් තියෙන ගම්මාන වල දරුවන්ට පමණයි.මුදල් තියෙන දෙමාපියන්ගෙ දරුවන්ට ” ඔන් ලයින්” අධ්‍යාපනය ලබන්නටත්, මුදල් නැති දෙමාපියන්ගෙ දරුවන්ට “ඔන් ලයින්” අධ්‍යාපනය අහිමිවන තත්වයකුත් උදාවෙලා තියෙනවා.

මෙවැනි තත්වයක් තුළ මෙි රටෙි දුෂ්කර, අති දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට නොමිලයේ ඩේටා පහසුකම් ලබාදිමේ ක්‍රමවෙිදයක් සැකසිම අැමතිවරයාගේ වගකිමක් වෙනවා.ඇතැම් ගම්මානවල පුද්ගලික සමාගම් මෙි කුළුණු ඉදි කළත් ඇතැම් ප්‍රාදේශිය දේශපාලකයින්ගේ විවිවිධ බලපෑම් , අල්ලස් ඉල්ලීම් නිසා ඇතැම් කුළුණු ක්‍රියාත්මක නොවන තැනකටත් වැටි තියෙනවා.

එමෙන්ම මෙි රටේ පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථන මුළුමණින්ම වැසි ගොස් තියෙනවා.පෙර පාසල් ගුරුවරුන් ගෙවල්වලට කොටුවෙලා තියෙනවා.ඔවුන්,කුලිවැඩ, තේ දලු නෙලිම වගේ දේවලට යාමට පටන් ගෙ තියෙනවා.

අධ්‍යාපන විෂය භාර ඇමතිවරුන් කාලෙන් කාලෙට කීදෙනෙක් මහජන මුදලින් නඩත්තු වුණත් මෙි ප්‍රශ්න වලට විසඳුම් ලැබා දී නැහැ.පෙර පාසල් ගුරුවරුන්ට ජාතික ප්‍රතිපත්ති ගැන දැන් කතා කරනවා. මෙිවා අවශ්‍ය අද ,ඊයෙට නෙමෙයි.මිට පෙර මෙි රට පාලනය කළ, ඇමති තනතුරු දරපු අයටත් මෙිවා කරන්න තිබුණා.නමුත් ඒක කළේ නැහැ.

පෙර පාසල් ගුරුවරියන්ට රුපියල් 2500 ක දිමනාවක් ගෙවන බව කායනවා. මෙික හොදයි. අගය කළ හැකියි.නමුත් මෙි මුදල ලැබෙන්නෙත් කීයෙන් කීදෙනාටදැයි කල්පනා කර බැලිය යුතුයි. පෙර පාසල් ගුරුවරියන් යටතේ සේවය කරන අතිරේක ගුරුවරියන් සිටිනවා. ඔවුන්ට ලැබෙන්නෙ මොනවද..කොරෝනා වසංගතයෙන් පිඩනයට පත්වෙලා සිටින මෙි රටේ දරු පරපුර ගොඩ ගැනිමට රජය මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….