online

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය.

කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය.

” අපේ ⁣රටේ කාලෙන් කාලෙට බලයට පත්වන ආණ්ඩු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගේනවා කිව්වත් බලය ගත්ත පසුව එහෙම දෙයක් කරල නැහැ. අපට එවැනි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති කමෙි ප්‍රතිවිපාක අත් විඳිමට සිදුව අෑත්තේ මේ රටේ අහිංසක දරුවන්ටයි.

කොවිඩ් වසංගතය නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වසර එකහමාරක් තිස්සේ නතර වෙලා තිවෙනවා. ආණ්ඩුව කියන්නෙ දරුවන්ට “ඔන් ලයින්” අධ්‍යාපන කටයුතු සිදු කරන බවයි. නමුත් රටෙි දිස්ත්‍රික්ක 25 තුළ ගැටළුවකින් තොරව “ඔන් ලයින්” ඉගනිමට හැකි දරුවන් ගණන අතලොස්සක් පමණයි. කළුතර දිස්ත්‍රික්කයේ ආසන අටෙි බොහෝ ප්‍රදේශවල දරුවන්ට සිග්නල් පහසුකම් නැහැ.එක අතකින් සිග්නල් නැහැ. අනෙත් අතට ඩේටා ගන්න සල්ලි නැහැ.මෙි දරුවන්ට හොඳ මානසිකත්වයකින් ඉගන ගන්න බැහැ.නමුත් අවසානයේ එකම විභාගයකට පෙනිසිටින්නට සිදු වෙනවා.

ඩිජිටල් සහ තාක්ෂණ කටයුතු භාර අමාත්‍ය වරයාය මෙි පිළිබද මෙි අවස්ථාවෙදි විශාල ගකීමක් තියෙනවා. අද අපේ රටෙි නිදහස් අධ්‍යාපනය නමට සීමාවෙලා තියෙනවා.පාසල් අධ්‍යාපනය පවා ඩේටා කාඩ් එකට විකිණෙන තැනට වැටලා තියෙනවා.ඒකත් හොඳ පහසුකම් තියෙන ගම්මාන වල දරුවන්ට පමණයි.මුදල් තියෙන දෙමාපියන්ගෙ දරුවන්ට ” ඔන් ලයින්” අධ්‍යාපනය ලබන්නටත්, මුදල් නැති දෙමාපියන්ගෙ දරුවන්ට “ඔන් ලයින්” අධ්‍යාපනය අහිමිවන තත්වයකුත් උදාවෙලා තියෙනවා.

මෙවැනි තත්වයක් තුළ මෙි රටෙි දුෂ්කර, අති දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට නොමිලයේ ඩේටා පහසුකම් ලබාදිමේ ක්‍රමවෙිදයක් සැකසිම අැමතිවරයාගේ වගකිමක් වෙනවා.ඇතැම් ගම්මානවල පුද්ගලික සමාගම් මෙි කුළුණු ඉදි කළත් ඇතැම් ප්‍රාදේශිය දේශපාලකයින්ගේ විවිවිධ බලපෑම් , අල්ලස් ඉල්ලීම් නිසා ඇතැම් කුළුණු ක්‍රියාත්මක නොවන තැනකටත් වැටි තියෙනවා.

එමෙන්ම මෙි රටේ පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථන මුළුමණින්ම වැසි ගොස් තියෙනවා.පෙර පාසල් ගුරුවරුන් ගෙවල්වලට කොටුවෙලා තියෙනවා.ඔවුන්,කුලිවැඩ, තේ දලු නෙලිම වගේ දේවලට යාමට පටන් ගෙ තියෙනවා.

අධ්‍යාපන විෂය භාර ඇමතිවරුන් කාලෙන් කාලෙට කීදෙනෙක් මහජන මුදලින් නඩත්තු වුණත් මෙි ප්‍රශ්න වලට විසඳුම් ලැබා දී නැහැ.පෙර පාසල් ගුරුවරුන්ට ජාතික ප්‍රතිපත්ති ගැන දැන් කතා කරනවා. මෙිවා අවශ්‍ය අද ,ඊයෙට නෙමෙයි.මිට පෙර මෙි රට පාලනය කළ, ඇමති තනතුරු දරපු අයටත් මෙිවා කරන්න තිබුණා.නමුත් ඒක කළේ නැහැ.

පෙර පාසල් ගුරුවරියන්ට රුපියල් 2500 ක දිමනාවක් ගෙවන බව කායනවා. මෙික හොදයි. අගය කළ හැකියි.නමුත් මෙි මුදල ලැබෙන්නෙත් කීයෙන් කීදෙනාටදැයි කල්පනා කර බැලිය යුතුයි. පෙර පාසල් ගුරුවරියන් යටතේ සේවය කරන අතිරේක ගුරුවරියන් සිටිනවා. ඔවුන්ට ලැබෙන්නෙ මොනවද..කොරෝනා වසංගතයෙන් පිඩනයට පත්වෙලා සිටින මෙි රටේ දරු පරපුර ගොඩ ගැනිමට රජය මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුයි.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts