gas2

රටතුල පවතින ගෑස් හා භුමි තෙල් හිගය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ  ගැස් හා භුමි තෙල් හිගය උග්‍රවිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

ගැස් හිගය හේතුවෙන් රුපියල් දාහාස් ගනන් වැය කර භුමි තෙල් උදුන් මිලදි ගත්තද මේ වන විට පවතින භුමි තෙල් හිගය හේතුවෙන් තමන්ට මේ වන විට උයාගෙන කන්න නොහැකි තත්වයක් උදාවි ඇති බවට ජනතාව වැඩි දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසුමකදි ගැස් අලෙවි නියෝජිතයන් පවසනුයේ ගැස් නොමැති විමෙන් තමන් වෙලද සැල්ද වසා දැමිමට පියවර ගෙන ඇති බවත්ය.

භුමි තෙල් හිගය පිලිබදව කරන ලද විමසුමකදි අදහස් දැක්වු ඉන්දන හල් සේවකයකු පවසන ලද්දේ මේ වන විට  භුමි තෙල් ඉල්ලුම වැඩි විමත් සමග භුමි තෙල් තොග නිසි ලෙස නොලැබිමෙන් භුමි තෙල් හිගයක් පවතින බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts