ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන් අන්තර්ජාල කේබලයක දෝෂයක් වාර්තා වී ඇති නමුත් පරිශීලකයින්ට බාධාවකින් තොරව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙමඟින් ඇතිවන බලපෑම හේතුවෙන් අන්තර්ජාල භාවිතාවේ වේගය අඩු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නමුත් දුරකථන සේවා සපයන සමාගම් මෙය යථා තත්ත්වයට පත් කරන දිනයක් හෝ වෙලාවක් සඳහන් කර නොමැත.

Similar Posts