වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස් වෙයි

lanka ads

මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි.

ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස් කෙරිණි. ෆෙන්ස්ටර්ගේ නිදහස වෙනුවෙන් අමෙරිකා රජයත් එවැනි ඉල්ලීමක් කර තිබූ අතර, මුලින් එය ප්‍රතික්ෂේප කළ මියන්මාර හමුදා රජය පසුව ඔහු නිදහස් කිරීමට තීරණය කළේය.

Related posts