විදෙස් සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවේ දොරටු ඇරේ

australiya

මේ මස 21 වැනිදා සිට විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ඔස්ට්‍රේලියාව විදේශිකයන්ට එරටට ඇතුළුවීමට අවසර දෙනු ලබන්නේ වසර දෙකකට පසුවය.

ඒ අනුව කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලැබූ ඕනෑම විදේශිකයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි බව එරට අගමැතිවරයා නිවේදනය කළේය.

Related posts