ykren

යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බව යුක්රේන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ , යුක්‍රේනය තුළ රුසියානු ආක්‍රමණයක් සිදුවිමේ ඉඩකඩ තවමත් පවතින බවයි.

ඔහු පැවසුවේ රුසියාව එවැනි ආක්‍රමණයක් කළ හොත් තිරණාත්මක ප්‍රතිචාරයක් දැක්විමට ඇමරිකාව ද සූදානම් බවයි.

Similar Posts