virus

රුසියානු හමුදා සමග යුද්ධයට මැදි වී තිබෙන ප‍්‍රදේශවල පිහිටා ඇති පර්යේෂණ රසායනාගාරවල තැන්පත් කර තිබෙන කොරෝනා වෛරසය ඇතුළු මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන භයානක රෝගකාරක වෛරස් හා බැක්ටීරියාවන් පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඒවා විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයට උපදෙස් දී තිබේ.

යුක්රේනයේ යුද ගැටුම්වලට මැදි වී තිබෙන ප‍්‍රදේශවල මිනිසාට හා සත්ත්වයන්ට හානිකර රෝග කාරකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහජන සෞඛ්‍ය රසායනාගාර රැසක් පිහිටා තිබීම හේතුවෙන් කුමන මොහොතක හෝ මෙම රසායනාගාරවලට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඒවායේ තැන්පත් කර තිබෙන භයානක රෝගකාරකයන් අවට පරිසරයට කාන්දු වී මහජනතාවට හානි සිදු විය හැකි නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම උපදෙස් නිකුත් කර තිබෙන බව යුක්රේන බලධාරීහු පවසති.

Similar Posts