russiarmy

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවාදී ඩොනෙක්ස් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව තීරණය කළ බවට නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුව ඔහු එම පළාත්වල ආරක්ෂාව තහවුරු කිරීමට රුසියානු හමුදාවට නියෝග කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

පුටින්ගේ මේ තීරණය යුක්රේනය සමඟ ඇතිකරගත් යුද උණුසුම උත්සන්න කිරීමට බලපානු ඇතැයි නේටෝ ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එය අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස ද ඔහු හඳුන්වා දී තිබේ.

 

Similar Posts