ranil5

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “රාජපක්‍ෂ රජයේ සියලු ප්‍රතිපත්ති වෙනස් කිරීමට යන” බවත් මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයට පත් කරන බවත් බී.බී.සී. ලෝක සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම දිනක ආහාර වේල් තුන සහතික කිරිම තම එක් අරමුණක් බවයි ඔහු පැවසුවේ. එමෙන්ම සිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ අදහසට තමන් එකඟ වන නමුත් එය සිදු නොවන බව ය. “දොස් කීම ක්‍රියාවකට මඟ පාදන්නේ නෑ මම මෙහි පැමිණියේ මිනිසුන් පෝෂණය කිරීමටයි ” ඔහු පැවසීය.

 

Similar Posts