වැලි රාජාගේ මුනිවත රකින නිලධාරින්

weli

හොරොව්පොතාන යාං ඔය වහගොල්ලාකඩ ප්‍රදේශයේ පිහිටි වැලි ගබඩාවක ඇති වැලි කියුබ් දහස් ගණනක ප්‍රමාණයක් නීති විරෝධි වැලි ජාවාරම්කරුවෙකු වන වැලි රාජා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කොල්ලකරුවෙකු විසින් කොල්ල කෑම සිදුකිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කළත් එය භූවිද්‍යා නිලධාරින්ට පැමිණිලි කරනා ලෙස පවසමින් ඔහු මුණිවත රකින බව ව්‍යාපාරික ඒ.වික්‍රමසිංහ මහතා පවසයි.

හොරොව්පොතාන නගරයේ පදිංචි ඒ වික්‍රමසිංහ මහතා විසින් යාං ඔය ව්‍යාපෘතිය යටතේ පසුගිය සමයේ නීත්‍යාණුකූලව වැලි ඉවත් කිරීම සිදුකළ බවත් වැලි රාජා නැමත්තා චන්ඩි කමින් හා චන්ඩින් යොදා ගෙන වැලි කොල්ල කෑම සිදුකරමින් සිටියත් ඔහුට නීතිය ක්‍රියාත්මක නොවන බව උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා තිබේ.

වැලි ට්‍රැක්ටර් බලපත්‍ර නොමැතිව අදාල ප්‍රදේශයට ඇතුල් කර තමන් සේදූ වැලි කියුබ් විශාල ප්‍රමාණයක් කොල්ල කමින් සිටිනා බව ව්‍යාපාරිකයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සැලකර ඇතත් ඔහු විසින් පවසා ඇත්තේ පොලිසියට එම රාජකාරිය අයිති නොවන බවත් එහි වගකීම ඇත්තේ භූවිද්‍යා හා පතල් කාර්යංශයට බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැටලිම් කටයුතු සදහා භූ විද්‍යා පතල් කාර්යංශයේ නිලධාරින් සිව් දෙනෙකු පමණක් සේවය කරනා බව අනාවරණය විය.වැලි ජාවාරම සිදුවන ස්ථානය ආසන්නයේම පොලිස් මුර පොලක් පිහිටුවා ඇතත් එහි නිලධාරින් ජාවාරම්කරුට රිසි අන්දමින් වැලි ප්‍රවාහනය කර ගැනීමට අවස්ථාව සලසාදි තිබෙනා අයුරු එහි ගිය අවස්ථාවේ දැකගත හැකි විය.

වැලි ජාවාරම්කාර කොල්කරු විසින් වෙනත් පුද්ගලයෙකුට අයිති වැලි ට්‍රැක්ටර් යොදා ගනිමින් ප්‍රවාහනය කරනා අතර මීට පෙරත් වැලි රාජා තමන්ගේ වැලි කොල්ල කන බවට පසුගිය ජූනි මස (27දා) හොරොව්පොතාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කර ඇතත් එම පැමිණිල්ල (8දා) වනතුරුත් විභාගයට ගෙන නොතිබුණි.

තමන් විසින් සෝදා පිරිසිදු කළ වැලි කියුබ් 1500ක් පමණ අදාල ස්ථානයේ තිබෙනා බවත් වැලි රාජා නමින් හදුන්වන ජාවාරම්කරු පසුගිය දින කිහිපයේ සිටම එම වැලි තොග දිවා රාත්‍රී නොබලා පොලිසිය බලා සිටියදීම ට්‍රැක්ටර් හා ලොරි රථ වලින් ප්‍රවාහනය කරනා බව ඒ වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ජාවාරම්කරුට එරෙහිව හොරොව්පොතාන පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කිරිමෙන් පසුව පොලිස් නිලධාරින් දෙදෙනෙකු එහි එවා ඇති අතර කට්ටිය මදි නිසා ඔවුන් අල්ලන්න බෑ කියමින් පැමිණි පොලිස් නිලධාරින් ආපසු හැරී ගොස් තිබේ.

පැවති ගංවතුර තත්වය කොරෝනා වසංගත තත්වය නිසා තමන්ට අයිති වැලි තොගය ගබඩා වලින් ඉවත් කිරීමට නොහැකිවීම නිසා අදාල ස්ථානයට රාජ්‍ය නිලධාරින් සමග ගොස් ඒකාබද්ධ පරික්ෂණයක් පවත්වා වැලි තොගය ප්‍රවාහනය කර ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටියදි වැලි රාජා නැමත්තාගේ ගෝලයන් පිරිස කඩා වැඩි මාර්ග විනාශ වන බව පවසමින් නිලධාරින්ට එහි යෑමට නොහැකි වන ලෙස තර්ජනය කරමින් පහරදීමට පසුගියදා උත්සහ කර තිබේ.

ජාවාරම්කරුට යාං ඔයේ වැලි ගොඩ දැමීමට අවසර නොමැති අවස්ථාවක මැර බලය හා අවනීතිය යොදා ගනිමින් අන්සතු සම්පත් උදුරා ගැනීමට කටයුතු කරනා බවත් වැලි ගබඩාව පිහිටි ස්ථානයට යාමට හැකි ආකාරයට යාං ඔයේ ජලය සිදියාම නිසා කොල්ලකරු දිගින් දිගටම බලපත්‍ර නොමැතිව වැලි තොග කොල්ලකා ප්‍රවාහනය කරනා බව ව්‍යපාරිකයා පැවසුවේය.

ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට පොලිසියට එම රාජකාරි අයිති නැති බව පැවසුවේද යන්න පිළිබදව උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ කෙනෙක් පැමිණිල්ලක් කළා මම කිවුවා භූවිද්‍යා පතල් කාර්යාංශයට කියන්න කියලා.නමුත් ඒ පිළිබදව සොයා බලන්න කියලා මම හොරොව්පොතාන පොලිසියට උපදෙස් දෙන්නම් යනුවෙන් ඔහු පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….