hirunika

සමඟි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අැතුළු කාන්තාවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවෙස ඉදිරිපිටට රැස්වී ඊයේ (22) උද්ඝෝෂණයක නිරත වූහ.

මේ කණ්ඩායම එහි පැමිණෙන බව කල්තියා දැන සිටීම හේතුවෙන් පොලිසිය අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට ඇතුළු වීමටත් පිට වීමටත් ඇති 5 වැනි පටුමඟේ මාර්ග ආවරණය වන ලෙස බාධක යොදා ආරක්ෂාව තහවුරු කර තිබිණි.

යම් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක් වුව හොත් ඊට මුහුණ දීමට කැරලි මර්දන බළකා නිලධාරීහු, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ජල ප්‍රහාරක රථය ද ස්ථානගත කිරීමට පොලිස් බලධාරීහු පියවර ගත්තේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමඟ විශාල පිරිසක් පැමිණෙන බවට තොරතුරු පොලිසියට වාර්තා වී තිබිණි. ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය භට කණ්ඩායම් යොදවනු ලැබුවේ ඒ නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එහෙත් අවසානයේදී පැමිණි පිරිසට වඩා පොලිස් නිලධාරීන් එහි ආරක්ෂාවට සිටි බව ද එම නිලධාරියා කීය.

Similar Posts