කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විටත් පාලනය කර ගත නොහැකි මට්ටමින් ලෝකයේ රටවල් දෙසියකට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ගොස් තිබේ. අද වන විට මෙම රෝගය වැලදුන ආසදිතයින් ප්‍රමාණය මිලියන හතර ඉක්මවු අතර, වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය 276,000 දක්වා ඉහල ගොස් තිබුනි.

පසුගිය සතිය තුළ මෙම වෛරසය හේතුවෙන් මිය යන අයගේ ප්‍රථිශතයේ සුලු අඩුවීමක් පෙන්නුම් කරනු ලැබුවත්, අද වන විට මෙම වෛරසයේ ඛාණ්ඩ කිහිපයක් ලොව පුරා ව්‍යාපත්ව ඇති බවත්, ඒවා විවිධ ස්වරෑපයෙන් ක්‍රියාත්මක වන බවත්, වෛද්‍ය විශේෂඥයින් විසින් හදුනා ගෙන තිබේ.  වාර්තාවන පරිදි දැනට මෙම වෛරසයට යම් පමණකට හෝ සාර්ථකව මුහුණ දුන් ඒකම රට වන්නේ ග්‍රීන්ලන්තය යි. ඒහි රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඒම රෝගීන් 11 දෙනාම සුව කිරීමටත් ඉන් අනතුරැව රට තුළ  රෝගය පැතිරීම සම්පුර්ණයෙන් පාලනය කිරීමටත් ඒම රජයට හැකිව තිබේ.

වාර්තාවන පරිදි ඇමරිකාව, යුරෝපය ඇතුලු අන් කිසිදු රටක් තුළ ඒ ආකාරයෙන් මෙම රෝගය පාලනය කිරීමට නොහැකිව තිබේ. නමුත්, ශ්‍රී ලංකාව යම් කිසි මට්ටමකින් මෙම රෝගය පාලනය කරගෙන ඒනු ලැබුවත්, පසුගිය දා වැලිසර නාවික හමුදා කදවුරේ නාවිකයන්ට මෙම රෝගය වැලදීමත් සමගම යම්කිසි මට්ටමිකින් පැවති ඒම පාලනයේ ගිලිහීමක් අපට දක්නට ලැබුනි.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය පැතිරීම පාලනය කිරීම සදහා පසුගිය මාර්තු 13 වන දින සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒ් අවධියේ මෙරට කොරෝනා රෝගීන් වාර්තා වූයේ 50කට අඩු සංඛ්‍යාවකි. මාස තුනකට ආසන්න වෙද්දී ලබන මැයි 11 දා සිට ඇදිරි නීතිය ඉවත්කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ලක් රජය පියවර ගෙන තිබේ. නමුත් අද වන විට රෝගීන් 835 දෙනෙකු වාර්තා වී අතර ඉන් 240 දෙනෙකු සම්පුර්ණයෙන් සුවය ලැබී තිබේ. මෙම වෛරසය ආසාදනය වීමෙන් මෙතෙක් මිය ගිය ප්‍රමාණය 9ක් බවත් වාර්තා වේ.

මෙවැනි පසුබිමක රට නැවත විවෘත කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම ප්‍රශ්ණයට පිළිතුරක් නොවුවත්, මෙම වෙරසය සම්පුර්ණයෙන් මර්ධනය කිරීමට සමත් ‌‌ධෞෂදයක් නිපදවීමට මෙතෙක් නොහැකිවීමත්, මේ අවුරැද්ද අවසානය වන තෙක් ඊට බලාපොරොත්තු තබා ගත නොහැකි බව ප්‍රකාශ වීමත් සමග අකමැත්තෙන් වුවද කොරෝනා සමග ජීවත් වීමට අපට බලකෙරී තිබේ.

මෙය ඉතා අවධානමක් ක්‍රීඩාවක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වීම මත මෙම අවධානම් ක්‍රීඩාවේ යෙදීමට අපට සිදුව තිබේ. නමුත්, ක්‍රීඩා පිටියට පිවිසුන ගමන් විනාශ වී යාමට ප්‍රථම අප සියලුම දෙනා මූලික කොන්දේසි පිළිපැදිය යුතුව තිබේ. ඒ් සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිර්ණායක ක්‍රියාත්මක කිරීම රජයේ මූලික වගකීමකි.

Similar Posts