නයිට් ටයිම් ඩේටා ඉවරයි

voicedata

මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්. මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි.

දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන ⁣මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එම ආයතන මගින් සිදු කර ඇති වැරදි වෙළඳපොල සන්නිවේදන උපක්‍රම හෙයින් බවත් ඔහු සඳහන් කළේ ය.

මෙතෙක් කල් එම සමාගම් මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා ලබාදී ඇති data ප්‍රමාණයට මුදල් අය කිරීමක් සිදු කර නොමැති බව ඔහු පැවසීය. එම ප්‍රමාණය පාරිභෝගිකයෙකු data පැකේජයක් ලබාගැනීම සඳහා ගෙවනු ලබන මුදලට නොමිලේ ලබාදුන් අතිරේක data ප්‍රමාණයක් බවත් ඔහු පැහැදිලි කළේ ය.

ඔහු සඳහන් කළේ, දුරකතන සේවා සපයන ආයතන මගින් දහවල් කාලය සඳහා ලබාදෙන ඩේටා සහ රාත්‍රී කාලය සඳහා ලබාදෙන ඩේටා ලෙස වෙන් කොට දක්වා එම ප්‍රමාණ දෙක එකට එකතු වූ පසු ලැබෙන ඩේටා ප්‍රමාණය සඳහන් කර වැරදි ලෙස වෙළඳ ප්‍රචාරණ සිදු කිරීමෙන් පාරිභෝගිකයාට මෙම ගැටලුව මතුව ඇති බව ය.

එබැවින් තවදුරටත් දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාදෙන මෙම night time data පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවන බවත් පෙර පැවති එම සංකල්පය මින් පසු ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසී ය. “Night ඩේටා දීලා තියෙන්නේ ඇත්තට ම ඒගොල්ලොන්ට ඒකට charge එකක් එන්නෙ නෑ.

නමුත් මට හිතෙන්නේ පාරිභෝගිකයෙක් විදියට ඇයි අපි ⁣ගෙවපු ගාණෙන් 20GBක් 30GBක් හිර කරලා තියෙන්නේ 12 ඉඳන් 8 වෙනකල් කියලා. මොකද ඒක සාධාරණ ප්‍රශ්නයක්නේ.

මෙතනදී වැරැද්ද වෙලා තියෙන්නේ මම හිතන්නේ අනවශ්‍ය විදියට මේක මාකටින් කමිනිකේෂන් එකක් වෙලා තියෙනවා. ඒක හරියට ම කියන්න තිබුණා ඔබතුමාලට දෙන්නේ 20 GBයි, මේ 20 GB දෙන්නේ free of charge මෙන්න මේ ⁣වෙලාවට කියලා. නමුත් මේක දෙක ම එකතු කරලා 40 GBක් 100GB ක් කියලා ඊට පස්සෙ කියනවා මේක 12 ඉඳන් 8 වෙනකම් යනවා කියලා.

ඉතින් ඒක වැරදියි. ඒ marketing communication එක සම්පූර්ණයෙන් ම වැරදියි සේවා සපයන්නන් කරලා තියෙන දේ. අද වෙනකොට ගිය අවුරුදු 2ට කිසිදු night time, day time package එකක් අපි approve කරලා නෑ. ඒ concept එක ඉවරයි.” තව ද මේ වන විට ඒ ඒ සේවා සපයන ආයතන මගින් දහවල් සහ රාත්‍රී ලෙස වෙන් නොකරන ලද වඩා ලාභදායී data පැකේජ ලබාදී ඇති බවත් එම ආයතනවල වෙබ් අඩවි වෙත ගොස් තමාට අවශ්‍ය නව පැකේජයකට මාරු වීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

“දැන් වෙනකොට මේ අවුරුදු දෙකේ බැලුවොත් එහෙම daytime packages ඔක්කො ම තියෙනවා. දැන් ගිහින් බලන්න ඒ සේවා සපයන්නන්ගේ web අඩවිවලට තමන්ගේ තියෙන package වලින් මාරුවෙන්න පුළුවන්.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….