ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළේ පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ සහයෝගයක් අහිමි වී ගිය පසුබිමක හය මාසයකට පසුව ශ්‍රී ලංකා විස්සයි20 තරගයකට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් අගනා පිතිකරණයක නිරත විය.

ඔහු පන්දු 54කදී හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමඟ නොදැවි ලකුණු 66ක් ලබා ගත්ත ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

දෙපිල අතර දෙවන විස්සයි20 තරගය හෙට (12) සවස 7 ට පැවැත්වේ.

Similar Posts