newspaper

පුවත්පත් මුද්‍රණයට භාවිත කරන කඩදාසි හිඟයක් පැවතීම හේතුවෙන් මේ වන විට සමස්ත පුවත්පත් කර්මාන්තයටම දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

පවතින ඩොලර් අර්බුදයත්, ලෝකයේ කඩදාසි නිෂ්පාදනය අඩුවීමත් ඊට හේතු වී ඇති බවයි පුවත්පත් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ මුද්‍රණ කඩදාසි මිල ද පසුගිය මාසවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඩොලර් 450ක පමණ මිලකට පැවති පුවත්පත් මුද්‍රණ කඩදාසි ටොන් එකක මිල ඩොලර් 800 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් පුවත්පත් තම පිටු ගණන අවම කිරීමටත්, අතිරේක හා විශේෂාංග සීමා කිරීමටත් දැනටමත් පියවර ගෙන තිබෙනවා.

Similar Posts