beelun

ප්‍රදේශ කිපයකම මේ වන විට බී.ළුණු හා රතු ළුණු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බීළුණු ක්‍රිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටද රතුළුණු ක්‍රිලෝවක් රුපියක් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත ලීක්ස් ක්‍රිලෝවක්ද රුපියල් 400 දක්වා ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ප්‍රදේශයේ වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ දේශීය බීළුණු හා රතුළුණු නිසි ලෙස වෙළද පලට නොලැබිමත් සමග විදේශීය ළුණු මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

ළුණු මිල මෙසේ ඉහල යාමත් සමහර පිරිස් ළුණු වෙනුවට ලික්ස් භාවිතා කිරිමට පියවර ගැනිමත් සමග ලික්ස් අලෙවියද ඉහල යාම හේතුවෙන් බොහෝ ලික්ස් වගා කරුවන් ලික්ස් තොග මිල ඉහල දැමිමත් සමග මේ වන විට ලික්ස් මිලද ඉහල ගොස් ඇති බව එලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts