මට ඕන රටට ජනතාවට හොඳ දෙයක් කරන්න

gotabaya

කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ දැඩි තීරණයේ දී ඡන්දය අමතක කොට ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උඩුබද්දාව, බුන්නැහැපොල කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට එක්වෙමිනි.

මෙහි ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන අතර මාසයකට නිපදවන පොහොර ප්‍රමාණය ටොන් 12 කි.

අක්කර 13 ක පොල් ඉඩමක ගස්ලබු ,කෙසෙල්, පැෂන් ෆෘට් වැනි පලතුරු සහ ගෝවා, බීට්, වටානා වැනි එළවළු සමග ආදර්ශ වී වගාවක් සඳහා මෙම පොහොර භාවිත කෙරේ.

පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා වගා බිම නිරීක්ෂණය කිරීමෙන් පසු ජනාධිපතිවරයා සඳහන් කළේ, රසායනික පොහොර ඉල්ලන පුද්ගලයින් ම අනෙක් පසින් වකුගඩු ඉල්ලන බවයි.

ඉදිරි පරම්පරාව වෙනුවෙන් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

”මම විශ්වාස කරන්නේ මාව පත් කළේ, මේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයිනම් මට මාව වැඩක් නැහැ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්න. ගොවියන්ව උසු ගන්නවලා දැන් කියනවා රසායනික පොහොර දෙන්න කියලා.

හැබැයි එහෙම රසායනික පොහොර ඉල්ලන එක්කෙනා මේ පැත්තෙන් ඉල්ලන්න ඕන වකුගඩුවක්. පොලොන්නරුවේ විශාල වකුගඩු වෙනුවෙන්ම රෝහලක් ඇතිකරා චීනයෙන්. ඒකද අපි කරන්න ඕන. නැහැ අපි මේක ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි මේ කාර්යය කරන්නට ඕන මේක වෙනසක් කරන්නට ඕන”

දේශපාලන වාසි නොසලකා අසීරු දේ ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ද ජනාධිපතිවයා එහිදී සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පවසන්නේ, තමන්ගේ අවශ්‍යතාව ඡන්ද නොව රටට ජනතාවට සහ ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කිරීම බවයි.

තව ද ඡන්ද අහිමි වෙතැයි, යන බියෙන් දේශපාලනය කර පැමිණි නායකයින් මෙවැනි දේට අත නොගසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

”කනගාටුයි කියන්න දේශපාලනය කරලා ආපු නායකයෙක් මේකට අතගහන්නේ නැහැ. ඇයි? ජන්ද නැති වෙයි කියලා මම බය නැතුව කියනවා. මට ඡන්ද නෙමෙයි ඕන. මට ඕන රටට ජනතාවට ඉදිරි පරම්පරාවට හොඳ දෙයක් කරන්න.

අවුරුදු දහස් ගාණක් අපි යූරියා ගැහුවේ නැහැ නේ. මේ 70 ගණන්වල තමයි අපි යූරියා ගෙනාවේ ඊට ඉස්සරවෙලා මම දැකලා තිබෙනවා. මගේ අම්මලා තාත්තලා වගා කරපු හැටි යූරියා ගැහුවේ නැහැ. පරිසරයත් හොඳයි වතුරත් හොඳයි. හොඳ අස්වැන්නත් හොඳයි”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….