gas2

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා වූ කාලය තුළ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර සම්බන්ධ සිදුවීම් 131ක් වාර්තා වී ඇතැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳ විමර්ශනය කිරීමේ හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එම කමිටු වාර්තාව ඊයේ (02) නිකුත් කෙරුණු අතර එහි දැක්වෙන්නේ ගෑස් සිලින්ඩරයට සුළු හානි සිදුවීම් 5ක්, ගෑස් සැපයුම් නළයට හානි සිදුවීම් 09ක්, රෙගුයුලේටරයට හානි සිදුවීම් 10ක්, ගෑස් ලිපෙහි මුහුණත වීදුරුව බිඳියාම් හා ගෑස් ලිප පුපුරායෑම් 56ක්, ගෑස් කාන්දුවීම් 47ක් හා අධික තාපය හේතුවෙන් සිදු වූ අනතුරු 4 ක් එම කාලවකවනුව තුළ වාර්තා වී ඇති බවයි.

ගෑස් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ජනාධිපති කමිටුව විසින් ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර ගැන ද සිය වාර්තාාවෙන් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ.

‘පළමුව ආරක්ෂාව’ යටතේ ක්‍රියාත්මක වී ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට දුරකතන අංක 0115 811 927 සහ 0115 811 929 අමතා ඒ බව දැනුම් දෙන ලෙසය.

Similar Posts