sudan

සුඩාන අන්තර්වාර රජයේ සාමාජිකයින් සහ අනෙකුත් සිවිල් නායකයින් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් වාර්තා පළවෙයි.

හඳුනා නොගත් හමුදා කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හැම්ඩොක් ව නිවාස අඩස්සියට ගෙන ඇති බවටත් වාර්තා විය.

නමුත් මෙතෙක් හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනතාව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවය.

සිවිල් නායකයින්ව අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත්කළේ කවුද යන්න අපැහැදිලි බව විදෙස් මාධ්‍ය පැවසීය.

 

Similar Posts