galenbidunuwewa

ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ.

ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක්  නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා සියලු විදී ඔස්සේ ගමන් කළේ තමන්ට නිසි වෙලා පොහොර ලබා දෙන ලෙස ලබා දෙන ලෙස රජයට බල කරමින්ය.

කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ විරෝධතාකරුවන් ගලෙන්බිදුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් ගොස් ආයතනය ඉදිරියේ විරොදතාවය පැවත්වූහ.ඒ අවස්ථාව ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ගැටළුව පිළිබඳ විමසා සිටි අතර ගොවින් පවසා සිටියේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානියාව හමුවී ඔහුට සංදේශයක් භාර දීමට ඇති බවයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පිරිසකට ගෝවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානියා මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීමට කටයුතු කළත් එම අවස්ථාව වන විටත්  ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධානීන් ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.පසුව පොලිස් නිලධාරීන් සහ ගොවින් අතර යම් උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

ඒ අනුව ඒ වන විට ගොවිජන සේවා මධ්යතස්ථානයේ සිටින බලධාරියෙකුට තම ගැටලුව ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව විරෝධතාකරුවන් පැවසූ අතර සන්දේශය එහි සිටි නිලධාරියකුට බාර දුන්හ.

ගැටලුව පිළිබඳව දැනුම්වත් කිරීමට කිසි බලධාරියෙක් නොමැතිකම හේතුවෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටි නිලධාරීන්ට ගොවින් හූ සංග්‍රහයක් පැවත්වූහ.

අනතුරුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ මස 15දා වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට පොහොර ලබා දෙන බව පැවසු කාරනවා සත්‍ය කාරනාවක්ද යන්න සැක නැති කරගැනිමේ අරමුණ ඇතිව ගලෙන්බිදුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර ගබඩාව නිරික්ෂනය කිරිමට අවශ්‍ය බව පවසා සිටි ගොවින්ට ගබඩාව විවෘත කර දුන් අතර එහි පසුගිය කන්නයක රසායනික පොහොර මිට කීපයක් හා ලෑලී හැර කිසිවක් දක්නට ලැබුණි.

කැකිරාව ගලෙන්බිදුණුවැව මාර්ගය ඔස්සේ ගලෙන්බිදුණුවැව නගරයට පැමිණි විරෝධතාකරුවන් කෘෂි කර්ම අමාත්‍යවරයා ලෙස සැකසු පඹයෙකු හා මිනී පෙට්ටිය නගරය මැද තබාගෙන තමන් රවටා ඇති බව පවසා පඹයෙකු අයුරින් සකසා තිබු අනුරුව ගිනිබත් කරමින් එය පොළවේ ගසා කියා සිටියේ ආණ්ඩුව ගොවියා විනාශ කර දැමු බවයි.

galenbidunuwewa galenbidunuwewa

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts