sripadaya

උදුවප් පුන් පොහොය යෙදි තිබු දින 2020/ 2021 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වුවද  පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ශ්‍රිපාදය වන්දනා කිරිමට සියලුම වන්දනාකරුවන් පියවර ගත යුතු බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි.

කොවිඩ් වසංතය හමුවේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග ශ්‍රිපාද වන්දනාවේ ආරක්ෂාව පිලිබවද කරන ලද විමසිමකදි විජිතද අල්විස් මහතා මේ බව පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්වයන් මත ශ්‍රිපාදය වන්දනා කිරිමට යම් අයෙක් පැමිනෙන්නේ නම් සෞඛ්‍ය අංශ මගින් ලබාදි තිබෙන සෞඛ්‍ය උපදෙස් පිලිපැදිම අනිවාර්යයෙන් කල යුතු දෙයක්.

එම සෞඛ්‍ය උපදෙස් මතයි මෙවර ශ්‍රිපාදය වන්දනා කරන සියලුම දෙනා කටයුතු කල යුත්තේ එමෙන්ම මෙම සෞඛ්‍ය උපදෙස් විටින් විට වෙනස් වෙන්නත් පුලුවන් එම තත්වයන් මත විටින් විට සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් මත ශ්‍රිපාදය වන්දනා කිරිමට සියලුම වන්දනාකරුවන් පියවර ගත යුතු බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts