කෝටිපති ව්‍යාපාරිකයෙකු සේවකයෙකුයට අමානුෂික ලෙස පහරදෙයි

kotipathi

ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරිමේ කූඨ ව්‍යාපාරයක නිරත වන අනුරාධපුර නගර අසාන්නයේ පිහිටි ඉන්දන පිරවුම් හලක අයිතිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු සේවක පිරිසක් එම ජාවාරම පිටස්තර පිරිස් වලට දැනගැනීමට ලැබෙයි යැයි සිතමින් නවක සේවකයෙකුයට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් එම සේවකයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

අනුරාධපුර පොලිස් වසමේ විහාරපාළුගම විහාරතිරප්පනය අනුරාධපුර ලිපිනයේ පදිංචි එස්.එම් ඉන්දික රුවන් වීරසිංහ (20)අවිවාහක තරුණයා මෙසේ පහර කෑමට ලක්වි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 14 ප්‍රතිකාර ලබමින් සිටි.

තරුණයාගේ පපු ප්‍රදේශයට හා සිරුරේ වෙනත් ස්ථාන වලට ඉන්දන පිරවුම් හලේ හිමිකරු හා සේවකයින් දෙදෙනෙකු අතින් පයින් හා පොළු වලින් පහරදි තිබේ.පහර කෑමට ලක්වු සේවකයා මීට දින දහයකට ඉහතදි ඉන්දන පිරවුම් හලේ සේවයට ගොස් ඇති අතර නිවාඩු දිනයකදි වැටුප් ලබාගැනීමට පැමිණෙන ලෙස දන්වමින් සේවකයන් තිදෙනෙකු ඔහුගේ නිවසට ගොස් තිබේ.

පසුව පහර කෑමට ලක්වු තරුණයා ඔහු විවාහවීමට සිටින තරුණියද කැටුව එහි ගොස් තිබේ.ඒ අවස්ථාවේ ඉන්දන පිරවුම් හලේ අයිතිකරු හා ගෝලයන් දෙදෙනෙකු පිරවුම් හලේ ඉහළ මාලයට තරුණයා රැගෙන ගොස් උඹ ඇයි ලිහිසි තෙල් වලට වැඩිපුර ඩීසල් දැම්මේ යනුවෙන් පවසමින් පහරදීම සිදුකර තිබේ.

ඒ අවස්ථාවේ ඔහු විසින් සේවකයෙකු (නම පවසයි) කියූ ප්‍රමාණයට තමන් ලිහිසි තෙල් වලට ඩීසල් මුසුකළ බව ඔහු හිමිකරුට පවසා ඇතත් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකළ හිමිකරු පොළු කිහිපයක්ම කැඩෙනා තුරු තරුණයාට පහරදී තිබේ.

පහර කෑමෙන් බරපතල තුවාල ලබා සිටින සේවකයා ඇලයාපත්තුව රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට එවා තිබේ.පහරකෑම නිසා දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහු (4දා)තමන්ට සිදුකළ අසාධාරණ පහරදීම පිළිබදව මෙසේ පැවසුවේය.

මම නැති බැරි කම හින්දා මේ ආයතනයට සේවයට ගියේ ගියපු දවසේම පරණ සේවකයෙක් කිවුවා මට ලිහිසි තෙල් තියන ටැංකි වලට ඩීසල් ලීටර් 14ක් දාන්න කියලා.මම ඇහුවා ඇයි කියලා.

ඒක උඹට වැඩක් නැනේ ඒක කාලයක් ඉදන් මෙතන කරන වැඩක් කියන දේ කරපන් කියලා කිවුවා.මම ඔහු කියපු ඩීසල් ප්‍රමාණය කලවම් කරලා නිවාඩු ගියා.ඊට පස්සේ නාලක ආපහු ලිහිසි තෙල් ටැංකි වලට ඩීසල් දාලා.

ඒකත් එක්කම ඇන්ජින් ලිහිසි තෙල් වල ඝණකම අඩුවෙලා.මේ සිද්ධියත් එක්ක තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ මට අමානුෂිකව පහර දුන්නා.ඊට පස්සේ පොලිසියට පැමිණිලි කරලා තිබ්බා මම විශ්වාසය කඩ කරලා කියලා.මම කියපු දේ තමයි කරේ.මම කිවුවා ඉන්දින පිරවුම් හලේ හිමිකරු මට ගැහුවා කියලා.පොලිසියේ නිලධාරින් කිවුවා ආයතනයේ අයිතිකරුට ගහන්න අයිතියක් තියනවා කියලා.

දැන් බොරු නඩුවක් මාව පටවලා හිමිකරු කරන කූඨ ක්‍රියාව වහන්න හදනවා.මට පොලිසියෙන් කෙනෙක් කථා කරලා කියනවා රුපියල් 233000 අලාභය ගෙවලා සමථ වෙන්න කියලා.ඉන්දන පිරවුම් හලේ අයිතිකරු කියනවා මට ලක්ෂයක් ගෙවන්න කියලා.ලිපියකින් මට ඒක ලියලා දෙන්න කිව්වා මම ප්‍රතික්ෂේප කරා යනුවෙන් තරුණයා පැවසුවේය.

තරුණයාට පහරදීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ගුණසේකර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

ඔහුට පහරදීමක් සිදුවි ඇත් නම් රෝහල් පොලිසිය මගින් පැමිණිල කළ හැකි බවත් එම පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගන්නා බව පැවසුවේය.

ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරීම සම්බන්ධයෙන් තරුණයා කරන පැමිණිල්ල පිළිබදව ඉන්දන පිරවුම් හල් හිමිකරුගෙන් කළ විමසීමකට අනුව ඔහු කියා සිටියේ අදාල තරුණයා සිදුකරන සියළුම දේවල් ආරක්ෂිත කැමරාවේ තියනවා.ඔයාල ඇවිල්ලා බලන්න.මම ගැහුවේ නෑ ඔය කියන කිසිම කෙනෙකුට යනුවෙන් පවසමින් දුරකථන විසන්ධි කර දැමුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….