වසංගත ජීව විද්‍යාත්මක ඝනයට වැටෙන බැවින් කොවිඩ් වෛරස් ව්‍යාපෘත්තිය වැලැක්වීමට  හමුදාව යොදවා තිබෙන බව  ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

සන්නද්ධ හමුදා සාමාජිකයින් න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික යුද්ධ සඳහා මුහුණ දීමද ඔවුන්ගේ කාර්යයක් බවත් ජීව විද්‍යාත්මක ඝනයට වැටෙන මෙම වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් සමඟ හමුදා  වෘත්තීය වෛද්‍ය නිලධාරින්ද යොදවා ඇති බව ඒ් මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ අධික ලෙස බෝවන වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හමුදාව ද මැදිහත් වන්නේ ඇයි දැයි ඊයේ (09) දින ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟු  යන පැනයට ප්‍රතිචාර දක්වමිනි.

ශානිකා

 

Similar Posts