baba-wanga

2022 වර්ෂයේදී සයිබීරියාවෙන් නවතම වෛරසයක් හමුවෙනු ඇති බවට “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

සයිබීරියාවේ හිමමත තිබෙන මෙම වෛරසය පර්යෙක්ෂකයින් විසින් සොයා ගැනෙනු ඇති බවත් එය මනුෂ සංහතියට දැඩි තර්ජනය ගෙන දෙනු ලබන වෛරසයක් වන බවයි සඳහන් කර ඇත්තේ.

ඉන්දියානු සාගර කලාපය සහ ඔස්ට්‍රේලියාව ඇතුළුව ආසියානු කලාපයට බලපාන ප්‍රබල සුනාමි තත්ත්වයක් සහ භූමිකම්පා තත්ත්වයක් සම්බන්ධයෙන් ද ඇය විසින් අනාවැකි පළකර තිබෙනවා.

පළමුව ඇයගේ එම ප්‍රකාශය ගම්වැසියන් විසින් හාස්‍යට ලක් කෙරුණද පසුව ඇය විසින් පලකරනු ලැබූ අනාවැකි එකිනෙක සැබෑ වීමත් සමග ඇයට “බෙල්කන් හි නොස්ට්‍රඩමස්” යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා.

2022 වර්ෂයේදී පිටසක්වල ජීවින් විසින් පෘථිවියට ග්‍රාහකයක් උපයෝගී කරගනිමින් පහරදීම සිදුකරනු ඇති බවටද ඇය සිය අනාවැකි අතර සඳහන් කර ඇත.

Similar Posts