කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ

කළුතර දිස්‍ත්‍රික්කයේ නීති විරෝධි මත් ද්‍රව්‍ය , පාතාලය, හෝ මොන යම් ආකාරයේ වත් නීති විරෝධි කටයුතු සියල්ල සහමුලින් තුරන් කිරිමේ කටයුත්ත සිදුකරනවා, යැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාඅළුත්ගම දි කිවේය.

ඇමතිවරයාගේ ඉල්ලිමකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ දූෂණ මර්දන ඒකකයක් ස්ථාපිත කිරිම සදහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් ඇමතිවරයා සමග අළුත්ගම පොලිසියේ භාවිතයෙන් ඉවත් කළ පොලිස් නිළ විවේකාර ගොඩනැගිල්ලක් පරික්ෂා කිරිමෙන් අනතුරුව රෝහිත අබේගුනවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපති තුමා කියනදේ කරන නායකයෙක්, සෞභාග්‍යදැක්ම ඉදිරිපත් කරන වෙලාවෙදි පැහැදිළිවම කිව්වෙ මේ රටේ එක නීතියක්ක්‍රියාත්මක කර මේරටෙන් මත් ජාවාරම, පාතාලය, අල්ලස, දුෂණය නැතිකරන බවයි.

මේ වනවිට ඒ කියාපු දේ මහපොලවේ යථාර්ථයක් බවට පත්වෙමින් කියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය ඊට අදාල ආයතන එකතු කරගන ඒ යුතුකම හරියට ඉටුකරනවා.

ඒ කටයුත්ත රට පුරා සිදුවෙද්දි කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දිස්ත්‍රික් නායකයා ලෙසත්, කැබිනට් මණ්ඩලයේ දිස්ත්‍රික් නියෝජිතයා ලෙසත් කළුතර දිස්ත්‍රික්කයෙන් මත් ද්‍රව්‍ය ජාවාරම, පාතාය, හොරකම, වංචාව ඉවත් කිරිමේ වගකිම මට තියෙනවා.

මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජිවත්විමේ අයිතියක්තියෙනවා. කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ.මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අපේ දරුවා බේරා ගැනීමේ යුතුකම අපට තියෙනවා.

ඒ සදහා දුෂණ මර්ධන ඒකකයක් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරිම ගැන ශ්‍රී ලංකා පොලිසියට, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු සියළු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා. මේ කාර්යාලය පිහිටුවිමත් සමග කළුතර දිස්ත්‍රික්කයේ යම් අකටයුත්තක් සිදුවෙනවානම් ඒ සියල්ල නතරකිරිමට හැකියාව ලැබෙන.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා.

මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ කල්ලි ,සහමුලින්ම මේ රටෙන් තුරන් කිරිම සදහා අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍ය තුමාත් පොලිසියට ලබාදුන් උපදෙස් අනුව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමා සහ පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි ඉතාම හොද සංවිධානාත්මක සැලැස්මක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මත් ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්විම සදහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉතා යුහුසුළුව ගැනිමට අවශ්‍ය කරන කළුතර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන ඒකකයක් ස්ථාපිත කිරිම ඉතා ඉකමණින් කර දෙන්න කියලරෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා ඉල්ලිමක් කළා. ඒ අනුව අද සුදුසු ස්ථානයක් පරික්ෂාකර තෝරා ගත්තා.

ඒ අනුව මාසයක් වැනි කෙටි කාලයකදි මෙම ස්ථානයේ අවශ්‍ය අනෙකුත් ඉදිකිරිම් සිදුකර කළුතර දිස්ත්‍රික්කය පුරාව්‍යාප්ත වෙලාතියෙන මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම ඉවත්කිරිමට අවශ්‍ය ශක්තිමත් ඒකකයක් මෙහි ස්ථාපිත කරනවා.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….